YouVersion Logo
Search Icon

මතෙව් 7:26-29

මතෙව් 7:26-29 SCV

එහෙත් මගේ මේ වචන අසා ඒවා නො පිළිපදින හැම කෙනෙක් ම, වැල්ල මත තම ගෙය තැනූ මෝඩ මිනිසකුට සමාන ය. වැසි වැස, ගං වතුර ගලා, සුළං හමා, ඒ ගෙට ගැසී ය. එය බිඳ වැටුණේ මහා වැටීමකිනි.” යේසුස්වහන්සේ මෙම කියමන් කියා නිම වූ කල, සමූහයා උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මිත වූහ. මන්ද උන්වහන්සේ ඉගැන්වූයේ, ඔවුන්ගේ දහම් ගුරුන් මෙන් නො ව, ආධිපත්‍යය ඇත්තකු ලෙසිනි.