මතෙව් 4:17-18
මතෙව් 4:17-18 SCV
එවක් පටන් යේසුස්වහන්සේ, “පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළං ව ඇතැ” යි කියමින් දේශනා කරන්නට පටන් ගත් සේක. යේසුස්වහන්සේ ගලීල මුහුදු වෙරළේ ඇවිද යන අතරේ, පේතෘස් නම් සීමොන් හා ඔහුගේ සහෝදර අන්දෘ යන සහෝදරයින් දෙදෙනකු දුටු සේක. මුහුදේ දැලක් හෙළමින් සිටි ඔවුහු මසුන් අල්ලන්නන් වූහ.





