මතෙව් 4:14-17
මතෙව් 4:14-17 SCV
දිවැසිවර යෙසායා මගින් කියැවුණු දෑ ඉටු වන පිණිස ය. එනම්: “යොර්දානෙන් එතෙර මුහුදු මාවතේ, අන්‍ය-ජාතීන්ගේ ගලීලයේ පිහිටි, සාබුලොන් දේශයේ හා නෆ්තලී දේශයේ අඳුරේ දිවි ගෙවන ජනයා මහත් ආලෝකයක් දුටුවහ; මරණ සෙවණැලි දේශයේ වෙසෙන්නන් මත එළියක් උදා විණ,” යන්න ය. එවක් පටන් යේසුස්වහන්සේ, “පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළං ව ඇතැ” යි කියමින් දේශනා කරන්නට පටන් ගත් සේක.





