YouVersion Logo
Search Icon

මතෙව් 4:13-16

මතෙව් 4:13-16 SCV

උන්වහන්සේ නාසරෙත් හැර ගොස්, සාබුලොන් හා නෆ්තලී පෙදෙස්හි මුහුද අසබඩ කපර්ණවුම් වෙත පැමිණ විසූයේ, දිවැසිවර යෙසායා මගින් කියැවුණු දෑ ඉටු වන පිණිස ය. එනම්: “යොර්දානෙන් එතෙර මුහුදු මාවතේ, අන්‍ය-ජාතීන්ගේ ගලීලයේ පිහිටි, සාබුලොන් දේශයේ හා නෆ්තලී දේශයේ අඳුරේ දිවි ගෙවන ජනයා මහත් ආලෝකයක් දුටුවහ; මරණ සෙවණැලි දේශයේ වෙසෙන්නන් මත එළියක් උදා විණ,” යන්න ය.