මතෙව් 28:8-10
මතෙව් 28:8-10 SCV
ඔවුහු දෙදෙන එවිට බයින් හා ප්‍රීතියෙන් යුතු ව, යුහු යුහු ව සොහොන වෙතින් පිටත් ව, උන්වහන්සේගේ ගෝලයින්ට දන්වන පිණිස දුවන්නට වන්හ. එකල, හදිසියේ ම යේසුස්වහන්සේ ඔවුනට මුණ ගැසී, “සෙත් වේවා!” යි පැවසූ සේක. උන්වහන්සේ වෙත ආ ඔවුහු, උන්වහන්සේගේ පා වැලඳ, උන්වහන්සේට නමස්කාර කළහ. යේසුස්වහන්සේ එවිට ඔවුන් ඇමතූ සේක්, “බිය වන්න එපා; මගේ සහෝදරයින් වෙත ගොස්, ගලීලයට යන්නැයි ඔවුනට කියන්න. එහිදී ඔවුන් මා දකිනු ඇතැ” යි පැවසූ සේක.





