මතෙව් 28:11-15
මතෙව් 28:11-15 SCV
ඔවුන් එසේ යන අතරේ, මෙන්න, මුර සෙබළුන්ගෙන් ඇතමෙක් නගරයට පිවිස, සිදු වී ඇති සියල්ල නායක පූජකයනට සැල කළහ. නායක පූජකවරු වැඩිහිටියන් සමඟ සාකච්ඡා කොට, මුර සෙබළුනට ලොකු මුදලක් දී, ඔවුන් අමතමින්, “නුඹලා ජනයාට මෙහෙම කිව යුතුයි, ‘අප නිදා සිටින අතර, රෑ ඔහුගේ ගෝලයින් අවුත්, ඔහු සොරාගෙන ගියා.’ ඉදින්, ආණ්ඩුකරුට මේ පුවත ගියහොත්, අප ඔහු සතුටු කර, නුඹලාට කරදරයක් නො වන්නට කටයුතු කරනවා” යි කීහ. මෙසේ මුදල් ලබා ගත් මුර සෙබළු, තමන් උපදෙස් ලද පරිදි කළහ. මේ කතාව අද දවස දක්වා යුදෙව්වරුන් අතර පැතිර පවතී.





