YouVersion Logo
Search Icon

මතෙව් 27:57-61

මතෙව් 27:57-61 SCV

යේසුස්වහන්සේගේ ගෝලයකු ව සිටි යෝසෙප් නම් වූ ධනවත් මනුෂ්‍යයෙක් සවස් වෙද්දී, අරමාතියේ සිට එහි ආවේ ය. ඔහු පිලාත් වෙත ගොස්, යේසුස්වහන්සේගේ දේහය ඉල්ලී ය. එවිට එය ඔහුට බාර දෙන ලෙස පිලාත් නියෝග කළේ ය. යෝසෙප් දේහය ගෙන, පිරිසිදු හණ රෙද්දකින් ඔතා, පර්වතයක් කැණ තනා තිබූ ඔහුට ම අයත් අලුත් සොහොන් ලෙන තුළ දේහය තැන්පත් කළේ ය. ලෙන් පිවිසුමට මහත් ගලක් පෙරළා තැබූ ඔහු යන්නට ගියේ ය. මග්දලාහි මරියා හා අනෙක් මරියා සොහොන් ලෙන අබියස හිඳගෙන වුන්හ.

Free Reading Plans and Devotionals related to මතෙව් 27:57-61