YouVersion Logo
Search Icon

මතෙව් 27:3-5

මතෙව් 27:3-5 SCV

යේසුස්වහන්සේ පාවා දුන් යූදස්, උන්වහන්සේ මරණයට තීන්දු වූ වග දැක, කනස්සලු වී, රිදී කාසි තිහ ගෙන නායක පූජකයින් හා වැඩිහිටියන් වෙත ගොස්, “නිර්දෝෂ ලේ පාවා දීමෙන් මා පව් කළා” යි කීවේ ය. “ඉතින් අපට මොකද? ඒක උඹ ම බලාගනින්” යැයි ඔවුහු කීහ. දේව මාලිගය තුළට රිදී කාසි වීසි කළ ඔහු එතැනින් ඉවත් ව ගොස් එල්ලී මළේ ය.

Free Reading Plans and Devotionals related to මතෙව් 27:3-5