මතෙව් 25:1-4
මතෙව් 25:1-4 SCV
“එකල ස්වර්ග රාජ්‍යය, තම පහන් රැගෙන, මනාලයා හමුවීමට පිටත් ව ගිය කන්‍යාවන් දස දෙනකුට සමාන ය. ඔවුන්ගෙන් පස් දෙනෙක් නුවණ නැත්තියෝ ය; පස් දෙනෙක් නුවණ ඇත්තියෝ ය. මන්ද නුවණ නැත්තියන් පහන් රැගෙන ගිය නමුදු, ඒ සඳහා තෙල් ගෙන ගියේ නැත. එහෙත් නුවණ ඇත්තියෝ තම පහන් සමඟ බඳුන්හි ලූ තෙල් ද ගෙන ගියෝ ය.





