මතෙව් 18:8-9
මතෙව් 18:8-9 SCV
ඔබේ අත හෝ ඔබේ පය පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා ඉවත වීසි කරන්න. අබ්බගාත ව හෝ කොර ව හෝ ජීවනයට ඇතුළු වීම, දෑත් හෝ දෙපා ඇති ව සදාතන ගින්නට හෙළනු ලබනවාට වඩා හොඳ ය. ඔබගේ ඇස පාපයට ඔබ පොලඹවයි නම්, එය උගුලා ඉවත වීසි කරන්න. එක් ඇසක් ඇති ව ජීවනයට ඇතුල්වීම, දෑස ම ඇති ව නිරා ගින්නට හෙළනු ලබනවාට වඩා හොඳ ය.





