මතෙව් 15:10-14
මතෙව් 15:10-14 SCV
උන්වහන්සේ ජන සමූහයා තමන් වෙත කැඳවා, ඔවුන් අමතමින්, “සවන් දී, තේරුම් ගන්න. මිනිසා අපවිත්‍ර වන්නේ, ඔහුගේ මුවින් ඇතුළු වන දෙයින් නො වේ. ඔහුගේ මුවින් පිටවන දෙයිනි. ඔහු අපවිත්‍ර කෙරෙන්නේ ඒවායිනි” යි කී සේක. එවිට උන්වහන්සේ වෙත ආ ගෝලයෝ, “ඔබගේ ඒ කීම් ඇසූ පරිසීන් අමනාප වූ වග ඔබ දන්නවා දැ?” යි ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ස්වර්ගීය මගේ පියාණන්වහන්සේ රෝපණ නො කළ හැම පැළෑටියක් ම මුලිනුදුරා දමනු ලැබේ. ඔවුන් ඔහේ හිටියා වේ; ඔවුහු මග පෙන්වන අන්ධයෝයි. අන්ධයකු තවත් අන්ධයකුට මග පෙන්වතොත්, දෙදෙනා ම වළක වැටෙනවා ඇතැ” යි කී සේක.





