YouVersion Logo
Search Icon

මතෙව් 12:15-20

මතෙව් 12:15-20 SCV

යේසුස්වහන්සේ ඒ වග දැන, එතැනින් පිටත් ව ගිය සේක. බොහෝ දෙනෙක් උන්වහන්සේ පසු පස ගියහ. උන්වහන්සේ ඔවුන් සියල්ලන් සුව කළ සේක්, තමා කවුරුන්දැයි ප්‍රසිද්ධ නො කරන ලෙස ඔවුනට අණ කළ සේක. මෙසේ වූයේ දිවැසිවර යෙසායා විසින් පවසන ලද කියමන ඉටු වන පිණිස ය: “මෙන්න, මා තෝරාගත් මගේ සේවකයා, මගේ ජීවය සොම්නස් කරවන, මා ප්‍රේම කරන තැනැත්තා; ඔහු පිට මම මගේ ආත්මයාණන් තබමි. ඔහු ජාතීනට යුක්තිය ප්‍රකාශ කරනු ඇත. ඔහු දබර කරන්නේවත්, මොර හඬ නගන්නේවත් නැත; ඔහුගේ කටහඬ වීදිවලදී කිසිවකුට ඇසෙන්නේ නැත. ඔහු යුක්තිය, ජයට පත් කරන තෙක්, තැළුණු බට දණ්ඩක් කඩන්නේවත්, දුම් නගින පහන් තිරයක් නිවන්නේවත් නැත.

Free Reading Plans and Devotionals related to මතෙව් 12:15-20