මතෙව් 12:15-18
මතෙව් 12:15-18 SCV
යේසුස්වහන්සේ ඒ වග දැන, එතැනින් පිටත් ව ගිය සේක. බොහෝ දෙනෙක් උන්වහන්සේ පසු පස ගියහ. උන්වහන්සේ ඔවුන් සියල්ලන් සුව කළ සේක්, තමා කවුරුන්දැයි ප්‍රසිද්ධ නො කරන ලෙස ඔවුනට අණ කළ සේක. මෙසේ වූයේ දිවැසිවර යෙසායා විසින් පවසන ලද කියමන ඉටු වන පිණිස ය: “මෙන්න, මා තෝරාගත් මගේ සේවකයා, මගේ ජීවය සොම්නස් කරවන, මා ප්‍රේම කරන තැනැත්තා; ඔහු පිට මම මගේ ආත්මයාණන් තබමි. ඔහු ජාතීනට යුක්තිය ප්‍රකාශ කරනු ඇත.





