YouVersion Logo
Search Icon

මතෙව් 1:22-24

මතෙව් 1:22-24 SCV

මේ සියල්ල සිදු වූයේ දිවැසිවරයා ලවා, ස්වාමින්වහන්සේ පැවසූ දෑ ඉටු වන පිණිස ය. එනම්, “මෙන්න, කන්‍යාව ගැබ් ගෙන පුතකු බිහි කරන්නී ය; ඔවුන් එම්මානුවෙල් යන නම උන්වහන්සේට තබනු ඇත” යන්නයි. එහි අරුත “දෙවියන්වහන්සේ අප සමඟ ය” යනුයි. යෝසෙප් නින්දෙන් අවදි වූ පසු, ස්වාමින්වහන්සේගේ දූතයා ඔහුට අණ කළ පරිදි කරමින්, ඇය තම භාර්යාව කොට ආවාහ කර ගත්තේ ය.

Free Reading Plans and Devotionals related to මතෙව් 1:22-24