YouVersion Logo
Search Icon

මතෙව් 1:16-18

මතෙව් 1:16-18 SCV

යාකොබ්, යෝසෙප්ගේ පියා ය. යෝසෙප්, මරියාගේ පුරුෂයා ය. ක්‍රිස්තුස් නම් වූ යේසුස්වහන්සේ උපන්නේ මරියාගෙනි. මෙසේ ආබ්‍රහම් පටන් දාවිත් දක්වා මුළු පරම්පරා ගණන දහ හතරකි. දාවිත් පටන් බබිලෝනියට පිටුවහල් කිරීම දක්වා පරම්පරා දහ හතරකි. පිටුවහල් කිරීමේ සිට ක්‍රිස්තුස්වහන්සේ දක්වා පරම්පරා දහ හතරකි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත සිදු වූයේ මෙසේ ය: උන්වහන්සේගේ මව වූ මරියා, යෝසෙප් සමඟ විවාහ ගිවිස සිටියදී, ඔවුන් එක් වන්නට පළමු, ශුද්ධාත්මයාණන් මගින් ඇය දරුවකු ලබන්නට සිටින බැව් දැනගනු ලැබිණ.

Free Reading Plans and Devotionals related to මතෙව් 1:16-18