YouVersion Logo
Search Icon

මතෙව් 1:11-17

මතෙව් 1:11-17 SCV

යොසියා, යෙකොනියාගේ හා ඔහුගේ සහෝදරයින්ගේ පියා ය. ඒ, බබිලෝනියට පිටුවහල් කරනු ලැබූ කාලය ය. බබිලෝනියට පිටුවහල් කරනු ලැබූ පසු: යෙකොනියා, ෂෙයල්තියෙල්ගේ පියා ය. ෂෙයල්තියෙල්, සෙරුබ්බාබෙල්ගේ පියා ය. සෙරුබ්බාබෙල්, අබියුද්ගේ පියා ය. අබියුද්, එලියාකීම්ගේ පියා ය. එලියාකීම්, ආසොර්ගේ පියා ය. ආසොර්, සාදෝක්ගේ පියා ය. සාදෝක්, ආකීම්ගේ පියා ය. ආකීම්, එලියුද්ගේ පියා ය. එලියුද්, එලෙයාසර්ගේ පියා ය. එලෙයාසර්, මත්තාන්ගේ පියා ය. මත්තාන්, යාකොබ්ගේ පියා ය. යාකොබ්, යෝසෙප්ගේ පියා ය. යෝසෙප්, මරියාගේ පුරුෂයා ය. ක්‍රිස්තුස් නම් වූ යේසුස්වහන්සේ උපන්නේ මරියාගෙනි. මෙසේ ආබ්‍රහම් පටන් දාවිත් දක්වා මුළු පරම්පරා ගණන දහ හතරකි. දාවිත් පටන් බබිලෝනියට පිටුවහල් කිරීම දක්වා පරම්පරා දහ හතරකි. පිටුවහල් කිරීමේ සිට ක්‍රිස්තුස්වහන්සේ දක්වා පරම්පරා දහ හතරකි.