YouVersion Logo
Search Icon

මලාකී 3:6-12

මලාකී 3:6-12 SCV

“ස්වාමින්වහන්සේ වන මා වෙනස් වන්නේ නැත. එම්බා යාකොබ්ගෙන් පැවත එන්නනි, නුඹලා විනාශ නො වී සිටින්නේ එබැවිනි. ඔබේ පියවරුන්ගේ දවස්වල පටන් නුඹලා මගේ නියෝගවලට පිටුපෑවා විනා, ඒවා රක්ෂා කළේ නැත; ආපහු මා වෙත එන්න; මමත් ඔබ වෙත ආපහු එන්නෙමි” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “එහෙත් ඔබ අසන්නේ, ‘ඔබ වෙත අප ආපහු එන්නේ කොහොම ද?’ කියා ය. “මිනිහෙක් දෙවියන්වහන්සේගෙන් පැහැර ගන්නේ ද? එසේ වුවත් නුඹලා මගෙන් පැහැර ගනිති. “ ‘අප කෙසේ ඔබගෙන් පැහැර ගන්නවා දැ’ යි නුඹලා අසති. “දසයෙන් කොටස්වලින් හා පඬුරු පූජාවලිනි. නුඹලා මගෙන් පැහැර ගන්න නිසා, නුඹලාගේ මුළු මහත් ජාතිය පිට ශාපයක් තිබේ. මගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස, පූර්ණ දසයෙන් කොටස් ගබඩා ගෙට ගෙනෙන්න. එසේ මා පරීක්ෂා කර බලන්නැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “එවිට මම ස්වර්ගයේ කවුළු ඇර, තවත් මදියි නො කියන්නට ම ආශිර්වාද වගුරුවා නො දෙම්දැයි බලන්න. ඔබේ බිමේ පලදාව විනාශ කරන කෘමී-වසංගත මම නවතන්නෙමි. ඔබේ කෙත් වත්හි මිදි වැල්වල අකලට පල නො හැලේ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “එවිට, නුඹලා භාග්‍යවත් ජනතාවකැයි සියලු ජාතීන් කියනු ඇත. මන්ද සොම්නස් දේශය ඔබගේ වන්නේ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.

Video for මලාකී 3:6-12

Free Reading Plans and Devotionals related to මලාකී 3:6-12