YouVersion Logo
Search Icon

ලූක් 8:45-48

ලූක් 8:45-48 SCV

“මට අත ගැසුවේ කවුරු දැ?” යි යේසුස්වහන්සේ ඇසූ කළ, සියල්ලෝ ම, තමන් එසේ නො කළ බව කීවෝ ය. එවිට පේතෘස්, “ස්වාමිනි, මහජනයා ඔබට තෙරපෙමින් තද වෙති” යි කීවේ ය. එහෙත් යේසුස්වහන්සේ, “කවුරු නමුත් මට අත ගැසුවා; ආනුභාවය මගෙන් නික්මෙනු මට දැනුණා” යි පැවසූ සේක. එවිට, තමාට වසං විය නො හැකි වග දුටු ස්ත්‍රිය ගැහි-ගැහී අවුත්, උන්වහන්සේ පාමුල වැටී, තමා උන්වහන්සේට අත ගැසූ හේතුවත්, වහා සුවය ලද අයුරුත් සියල්ලන් ඉදිරියේ විස්තර කළා ය. එවිට ඇය ඇමතූ උන්වහන්සේ, “දියණිය, ඔබේ ඇදහිල්ල ඔබ සුව කර ඇත; සාමයෙන් යන්නැ” යි කී සේක.