YouVersion Logo
Search Icon

ලූක් 3:15-17

ලූක් 3:15-17 SCV

බලාපොරොත්තු සහගත ව සිටි ජනයා, මේ මෙසියස්වහන්සේදෝයි යොහන් ගැන තම හදවත්හි විමසන්නට වූ කල, ඔවුන් සියල්ලන් ඇමතූ යොහන්, “මා, ඔබ බව්තීස්ම කරන්නේ වතුරිනි; එහෙත් මට වඩා බලගතු කෙනෙක් පැමිණෙයි. උන්වහන්සේගේ පාවහන් පටි මුදන්නටවත් මා වටින්නේ නැත. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් හා ගින්නෙන් ඔබ බව්තීස්ම කරන සේක. කමත පවිත්‍ර කරන්නටත්, ධාන්‍ය තම අටුවේ රැස් කරන්නටත්, උන්වහන්සේගේ කුල්ල උන්වහන්සේ අතේ ය. එහෙත් උන්වහන්සේ, බොල් නො නිවෙන ගින්නෙහි හෙළන සේකැ” යි කීවේ ය.

Free Reading Plans and Devotionals related to ලූක් 3:15-17