YouVersion Logo
Search Icon

ලූක් 2:1-4

ලූක් 2:1-4 SCV

එසමයේ මුළු ලොව පුරා සංගණනයක් ගැනීමට ඔගස්ටස් සීසර්ගෙන් නියෝගයක් නිකුත් විය. කුරේනියස්, සිරියාවේ ආණ්ඩුකාරයා ව සිටියදී පැවැත් වූ පළමු සංගණනය මෙයයි. සියල්ලෝ ලියාපදිංචි වන්නට තම ගම් පළාත් බලා ගියහ. යෝසෙප් ද ඔහු දාවිත්ගේ වංශයට හා පෙළපතට අයත් බැවින්, ගලීලයේ නාසරෙත් නගරයෙන් පිටත් ව, දාවිත් පුරය වූ යුදයේ බෙත්ලෙහෙම් බලා ගියේ