YouVersion Logo
Search Icon

ලූක් 18:18-29

ලූක් 18:18-29 SCV

එක් අධිපතියෙක් උන්වහන්සේ අමතමින්, “යහපත් ගුරුතුමනි, සදාතන ජීවනය උරුම කර ගන්නට, මා කුමක් කළ යුතු දැ?” යි ඇසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “යහපත් ය කියා ඔබ මා අමතන්නේ ඇයි? දෙවියන්වහන්සේ හැර, අන් කිසිවෙක් යහපත් නො වේ. ‘පරදාර සේවනයේ නො යෙදෙනු, මිනී නො මරනු, සොරකම් නො කරනු, බොරු සාක්ෂි නො කියනු, පියාට හා මවට ගරු කරනු’ යන ආඥා ඔබ දනිතැ” යි පැවසූ සේක. ඔහු ඊට පිළිතුරු දෙමින්, “යොවුන් වියේ පටන් මම ඒ සියල්ල පිළිපැද ඇත්තෙමි” යි කීවේ ය. යේසුස්වහන්සේ ඒ අසා, “ඔබට තවමත් එක් දෙයක් අඩුයි. ඔබ සතු හැම දෙයක් ම විකුණා දිළිඳුන්ට බෙදා දෙන්න. එවිට ඔබට ස්වර්ගීක ධනය අත්වනු ඇත; ඉන්පසු ඇවිත් මා අනුගමන කරන්නැ” යි පැවසූ සේක. ඒ ඇසූ කල, ඒ මිනිසා දැඩි සොවට පත් විය. මන්ද ඔහු බොහෝ ධනවත් ව සිටි බැවිනි. යේසුස්වහන්සේ ඔහු දෙස බලා, “ධනවතුන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් අසීරු ද? ධනවතකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා, ඔටුවකුට ඉඳිකටු සිදුරින් රිංගා යෑම පහසු යැ” යි පැවසූ සේක. එවිට ඒ ඇසූ අය, “එසේ නම් ගැලවෙන්නට හැක්කේ කවරකුට දැ?” යි ඇසූහ. “මිනිසුන්ට නො හැකි දේ දෙවියන්වහන්සේට හැකි යැ” යි උන්වහන්සේ කී සේක. එවිට පේතෘස් කතා කොට, “අප ඔබ අනුව ආවේ, අපට තිබූ සියල්ල අත්හැර දමලා” යි කීවේ ය. ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “සැබවින් ම මා ඔබට කියන්නේ; දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා, ගේ-දොර හෝ භාර්යාව හෝ සහෝදරයන් හෝ මාපියන් හෝ දරුවන් හෝ අත් හළ කවරෙක් වුව ද