ලූක් 17:26-30
ලූක් 17:26-30 SCV
“නෝවාගේ දවස්වලදී සිදු වූ සේ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ දවස්වලදීත් සිදු වෙයි. නෝවා නැවට ඇතුළු වූ දවස දක්වා මිනිසුන් කමින් ද බොමින් ද ආවාහ කර ගනිමින් ද විවාහ වෙමින් ද වුන්හ. ජලගැල්ම ගලා ඔවුන් සියල්ලන් විනාශ කළේ ය. “ලොත්ගේ දවස්වල වූයේත් එයමයි. ඔවුහු කමින් හා බොමින් ද මිලයට ගනිමින් හා විකුණමින් ද වගා කරමින් හා ගොඩ නගමින් ද කල් යැවූහ. එහෙත් ලොත් සොදොමෙන් පිට වූ දවසේ ම අහසින් ගිනි හා ගෙන්දගම් වැසි වැස ඔවුන් සියල්ලන් විනාශ කර දැමී ය. “මනුෂ්‍ය පුත්‍රයාණන් ප්‍රකාශ වන දවසේ ද ඒ අයුරින් සිදු වන්නේ ය.





