ලූක් 14:6-9
ලූක් 14:6-9 SCV
ඊට උත්තර දෙන්නට ඔවුන්ට නො හැකි විය. ඇරියුම් ලද්දෝ පැමිණ ගරු ආසන තෝරා ගන්නා හැටි දුටු උන්වහන්සේ, ඔවුනට මෙම උපමා කතාව පැවසූ සේක. “මංගල සාදයකට ඔබට ඇරියුම් ලැබුණු කල, මුල් ආසනයකට නො යන්න. මන්ද ඔබට වඩා උසස් කෙනකු ද ඇරියුම් ලබා සිටින්නට පුළුවන. ඔබ දෙපොළට ම ඇරියුම් කළ තැනැත්තා පැමිණ, ‘ඔය ආසනය මොහුට දෙන්නැ’ යි කීවොත්, අවමානයෙන් යුතු ව පහළ අසුනකට යෑමට ඔබට සිදු වෙයි.





