YouVersion Logo
Search Icon

ලූක් 14:25-28

ලූක් 14:25-28 SCV

යේසුස්වහන්සේ සමඟ මහත් ජනකායක් ගමන් ගත්හ. ඔවුන් දෙස හැරුණු උන්වහන්සේ, “මා වෙත එන කවරකු වුවත් තම පියාට හෝ මවට හෝ තම භාර්යාවට හෝ දරුවන්ට හෝ සහෝදර සහෝදරියන්ට හෝ වෙනකක් තබා තමාගේ ම ජීවිතයට ද්වේෂ නො කරන්නේ නම්, ඔහුට මගේ ගෝලයකු වන්නට බැරි ය. තමාගේ කුරුසිය දරාගෙන, මා අනුව නො එන කිසිවකුට මගේ ගෝලයකු වන්නට බැරි ය. “ඔබෙන් යමෙක්, කුලුනක් ගොඩ නගන්නට අදහස් කරන්නේ නම්, පළමු කොට පසෙකට වී හිඳ, වැඩය නිම කර ගැනීමට ඇති තරම් වේ දැයි ගණන් නො බලා සිටින්නේ කවුරු ද?

Free Reading Plans and Devotionals related to ලූක් 14:25-28