ලූක් 14:1-6
ලූක් 14:1-6 SCV
තවත් සබත් දිනෙක උන්වහන්සේ නායක පරිසිවරයකුගේ නිවසේ කෑමට ගිය කල, ඔවුහු උන්වහන්සේ ගැන විමසිල්ලෙන් වුන්හ. උන්වහන්සේ ඉදිරියේ දියඋදර රෝගියෙක් සිටියේ ය. එහි වූ පරිසිවරුන් හා දහම් පඬිවරුන් ඇමතූ යේසුස්වහන්සේ, “සබතේදී සුව කිරීම යුක්ති සහගත ද? නැද්දැ?” යි ඇසූ සේක. එහෙත් ඔවුහු නිහඬ ව සිටියහ. එබැවින් උන්වහන්සේ ඒ මිනිසා අතින් අල්ලා, ඔහු සුව කර, එතැනින් පිටත් කර යැවූ සේක. පසුව යළි ඔවුන් ඇමතූ උන්වහන්සේ, “ඔබේ පුතකු හෝ ගවයකු හෝ සබතකදී ළිඳක වැටුණොත්, වහාම ගොඩට නො ගන්නේ ඔබගෙන් කවුරු දැ?” යි ඇසූ සේක. ඊට උත්තර දෙන්නට ඔවුන්ට නො හැකි විය.





