ලූක් 13:6-9
ලූක් 13:6-9 SCV
තවද උන්වහන්සේ මෙම උපමා කතාව පැවසූ සේක: “එක් මිනිසකුගේ මිදි වත්තේ පැළ කරන ලද අත්තික්කා ගහක් විය. ඔහු එහි පල බලාපොරොත්තුව ගිය නමුදු, කිසිවක් සම්භ නො වී ය. එබැවින් ඔහු මිදි වතු පාලකට කතා කර, ‘බලන්න, දැන් තුන් වසරක් ම මේ අත්තික්කා ගහේ ගෙඩි සොයා ආවත්, කිසිවක් ලැබුණේ නැහැ. මෙය කපා දමන්න; මෙය තවත් පොළොවට බරක් ව තිබෙන්නේ කුමට දැ?’ යි කීවේ ය. “ඔහු පිළිතුරු දෙමින්, ‘මහත්මයා, තව එක් වසරක් මෙසේ තිබුණා වේ. මම ගහ වටේට හාරා පොහොර දමන්නම්. එන වසරේ පල හට ගත්තොත් හොඳයි; නැති නම් කපා දමන්න පුළුවනැ’ යි කීවේ යැ” යි පැවසූ සේක.





