YouVersion Logo
Search Icon

ලූක් 12:35-38

ලූක් 12:35-38 SCV

“ඉඟටි බැඳ සූදානමින් සිටින්න. ඔබගේ පහන් දල්වා තබන්න. විවාහ උත්සවයෙන් පසු, තම ස්වාමියා පෙරළා අවුත්, දොරට තට්ටු කළ සැණෙන් දොර අරින්නට බලා සිටින මිනිසුන් සේ සිටින්න. ස්වාමියා එන කල, තම සේවකයින් අවදිව සිටිනු ඔහු දකින්නේ නම්, ඒ සේවකයින් භාග්‍යවත් ය. සැබවින් ම මා ඔබට කියන්නම්; එතුමා සේවා ඇඳුම් හැඳ, කෑමට ඔවුන් හිඳුවා ඔවුන්ට ආවතේව කරනු ඇත. ස්වාමියා දෙවන යාමයේ හෝ තුන්වැන්නේ අවුත්, ඔවුන් එලෙස සිටිනු දකින්නේ නම්, ඒ සේවකයින් භාග්‍යවත් ය.

Free Reading Plans and Devotionals related to ලූක් 12:35-38