ලෙවී 21:1-8
ලෙවී 21:1-8 SCV
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ආරොන්ගේ පුත්‍රයින් වූ පූජකයින් අමතා මෙසේ කියන්න: ‘මිය ගිය තම නෑයකු වෙනුවෙන් පූජකයකු අපවිත්‍ර නො විය යුතු ය. එහෙත් ඔහුගේ ළඟ නෑයින් වූ ඔහුගේ මව හෝ ඔහුගේ පියා හෝ ඔහුගේ පුතා නැතහොත් දියණිය හෝ ඔහුගේ සහෝදරයා හෝ සැමියකු නැති බැවින් ඔහුගෙන් යැපෙන ඔහුගේ අවිවාහක සහෝදරිය හෝ යන කෙනකුගේ මරණය හේතු කොට පමණක් අපවිත්‍රවීමට ඔහුට පුළුවන. සැමියකු වශයෙන් තම නෑයින් අතර තමා අපවිත්‍ර කර ගෙන, ඔහු තමා දූෂ්‍ය කර ගැනීම නො කළ යුතු ය. “ ‘පූජකයින් තම හිස මුඩු කර නො ගත යුතු ය. තම රැවුල් අග්ගිස් කපා දැමීම නො කළ යුතු ය. තම සිරුර කපා නො ගත යුතු ය. ඔවුන් තම දෙවියන්වහන්සේට ශුද්ධ ව සිටිය යුතු ය. ඔවුන් තම දෙවියන්වහන්සේගේ නාමය අපවිත්‍ර නො කළ යුතු ය. මන්ද ඔවුන්ගේ දෙවියන්වහන්සේගේ භෝජනය හෙවත් ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන පූජා ඔප්පු කරන්නෝ ඔවුහු ය. එබැවින් ඔවුන් ශුද්ධ ව පැවතිය යුතු ය. “ ‘පූජකයින් ඔවුන්ගේ දෙවියන්වහන්සේට ශුද්ධ බැවින් වේශ්‍යාවක ව දූෂ්‍ය වූ හෝ තම සැමියාගෙන් දික්කසාද වූ හෝ ස්ත්‍රියක ආවාහ කර ගැනීම නො කළ යුතු ය. පූජකයින් ඔබේ දෙවියන්වහන්සේගේ භෝජනය පිළිගන්වන බැවින්, ඔවුන් ශුද්ධ වග සලකන්න. ඔබ ශුද්ධවත් කරන ඔබේ ස්වාමින්වහන්සේ වන මා ශුද්ධ බැවින්, පූජකයින් ද ශුද්ධ සේ සලකන්න.


