ලෙවී 18:1-5
ලෙවී 18:1-5 SCV
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල් ජනයාට කතා කොට, මෙසේ කියන්න. ‘ඔබේ දෙවියන්වහන්සේ වන මම ස්වාමින්වහන්සේ ය. කලක් ඔබ වාසය කළ ඊජිප්තු දේශයේ ජනයා කරන පරිදි හා මා ඔබ ගෙන යන කානාන් දේශයේ ජනයා කරන පරිදි, ඔබ කටයුතු නො කළ යුතු ය. ඔවුන්ගේ වතාවත් අනුගමන නො කරන්න. ඔබ මගේ නියමයන්වලට කීකරු විය යුතු ය; මගේ නියෝග ලැදියාවෙන් පිළිපැදිය යුතු ය. ඔබගේ දෙවියන්වහන්සේ වන මම ස්වාමින්වහන්සේ ය. මගේ නියෝග හා නියමයන් පිළිපදින්න; ඒවා පිළිපදින්නා, එයින් ම ජීවත් වන්නේ ය. මම ස්වාමින්වහන්සේ ය.



