YouVersion Logo
Search Icon

විලාප ගී 4:1-5

විලාප ගී 4:1-5 SCV

රත්රන්වල දිළිසීම නැති වී තිබෙන හැටි! අමිශ්‍ර රන් අඳුරු වී ඇති හැටි! පූජනීය මැණික් සියලු වීදි ඉද්දර විසුරුවා ඇති හැටි! වරක් රත්රන් සේ අගේ කොට සැලකුණු සියොන් පුර පුත්‍රයින්, දැන් කුඹල්කරුගේ දෑතේ වැඩක් බඳු හුදු මැටි බඳුන් සේ සැලකෙන හැටි! නරි දෙන්නු පවා තම පැටවුනට කිරි දීමට තම තනබුරුල්ල පාති. එහෙත් මගේ ජනයා වූ දියණිය කාන්තාරයේ පැස්බරුන් මෙන් කුරිරු ව ඇත. කිරි දරුවන්ගේ දිව් පිපාසයෙන් උඩු තල්ලේ ඇලේ; ළමා ළපටි කෑම ඉල්ලා හැපෙති; එහෙත් කෑමට යමක් ඔවුනට දෙන කෙනකු නැත. වරක් රසමසවුළු භුක්ති වින්දෝ, දැන් මහමඟ සාගින්නේ හිඳිති; සුඛ විහරණයෙන් ඇතිදැඩි වූවෝ, දැන් කුණු බක්කි අවුස්සති.

Video for විලාප ගී 4:1-5