විලාප ගී 2
2
1ස්වාමියාණන් ස්වකීය කෝප වලාවෙන්
සියොන් දියණිය වසා ගත් හැටි!
ඉශ්‍රායෙල්හි තේජශ්‍රීය උන්වහන්සේ ස්වර්ගයේ සිට
පොළොවට පහළ හෙළූ සේක.
ස්වකීය කෝප දවසේ උන්වහන්සේ
තම පා පුටුව සිහි කළේ නැත.
2ස්වාමියාණන් අනුකම්පාවෙන් තොර ව
යාකොබ්ගේ සියලු වාසස්ථාන ගිලගත් සේක.
උන්වහන්සේ ස්වකීය උදහසින්
යූදා දියණියගේ බළකොටු බිඳ හෙළූ සේක.
රාජධානිය ද එහි අධිපතීන් ද නින්දාවට පත් කරමින්,
උන්වහන්සේ ඔවුන් බිම ඇද දැමූ සේක.
3උග්‍ර කෝපයෙන් උන්වහන්සේ
ඉශ්‍රායෙල්හි මුළු ප්‍රබලත්වය සිඳ දැමූ සේක;
සතුරා ළඟා වන කළ උන්වහන්සේ
ආරක්ෂාවේ තම දකුණත ඉවත් කර ගත් සේක;
ඇවිළෙන ගින්නක් සේ, උන්වහන්සේ යාකොබ් දවාලූවේ,
අවට හාත්පස සියල්ල දවා දමමිනි.
4සතුරකු පරිදි තම දුන්න තැත් කැවූ
උන්වහන්සේ තම දකුණතට වාරු ගෙන,
අපේ ඇසට ප්‍රිය වූ සියල්ලන් නසා දැමුවේ,
එදිරිවාදියකු පරිද්දෙනි;
උන්වහන්සේ සියොන් දියණියගේ කූඩාරම පිට
තම උදහස වැගිරුවේ, ගින්නක් පරිද්දෙනි.
5ස්වාමියාණන් සතුරකු මෙන් වූ සේක්,
ඉශ්‍රායෙල් ගිල දැමූ සේක.
උන්වහන්සේ ඇගේ මාලිග සියල්ල විනාශ කළ සේක්,
ඇගේ බළකොටු වනසා දැමූ සේක.
යූදා දියණියට නිමක් නැති සෝ-තැවුලක් හා
විලාපයක් ගෙනා සේක.
6උන්වහන්සේ තම මාලිගය, වත්තක මුර මඩුවක් සේ වනසා දැමූ සේක්,
තම සම්මුඛවීමේ ස්ථානය විනාශ කර දැමූ සේක.
සියොනෙහි නිශ්විත මංගල්‍ය හා සබත්
අමතක ව යන්නට සැලසූ
ස්වාමින්වහන්සේ තම උග්‍ර කෝපයෙන්
රජුත්, පූජකයාත් පහ කර දැමූ සේක.
7ස්වාමියාණන් තම පූජාසනය ප්‍රතික්ෂේප කළ සේක්,
තම ශුද්ධස්ථානය අතැර දැමූ සේක.
උන්වහන්සේ මාලිග තාප්ප
සතුරා අතට පවරා දුන් සේක;
ඔවුන් ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ ජය ඝෝෂා නැගුවේ,
මංගල්‍යයක උත්සව දවසක පරිද්දෙනි.
8 ස්වාමින්වහන්සේ සියොන් දියණියගේ පුර පවුර
බිඳ හෙළන්නට අදිටන් කළ සේක;
උන්වහන්සේ මිනුම් ලණුව ඇද,
එය විනාශ වී යන තුරු, තම අත ආපස්සට නො ගත් සේක.
උන්වහන්සේ කොටු පවුර ද පිට පවුර ද විලාප අඳෝනා නගන්නට සැලසූ සේක.
ඒවා එකවිට ගරා වැටෙන්නට විය.
9ඇගේ දොරටු පොළොවට ගිලා බැස ඇත්තේ ය;
ඒවායේ හරස් පොලු උන්වහන්සේ කඩා, විනාශ කළ සේක.
ඇගේ රජු ද ඇගේ අධිපතීන් ද පිට ජාතීන් අතරේ ය.
ව්‍යවස්ථාව පිළිපැදීමක් තවත් නැත;
ඇගේ දිවැසිවරුනට
ස්වාමින්වහන්සේගෙන් ලැබෙන දර්ශන නැත.
10සියොන් දියණියගේ පුරවර ප්‍රජා මූලිකයෝ
බිම හිඳගෙන, මුනිවත රකිති;
ඔවුහු තම හිස් පිට දූලි ඉස,
ගෝණි රෙදි හැඳ ගනිති;
යෙරුසලම් කන්‍යාවියෝ තම හිස්,
බිමට එල්ලාගෙන සිටිති.
11කඳුළු සැලීමෙන්, මගේ ඇස් මලානික ව ඇත.
මගේ බඩවැල් වේදනාවෙන් ඇඹරේ;
මගේ පිත පැළී බිම වැගිරේ;
මන්ද, මගේ ජනයා වූ දියණිය විනාශ වී ගොසිනි;
ළමා ළපටි නගර වීදිවල
ක්ලාන්ත ව යති.
12නගර වීදිවලදී
තුවාල ලද්දවුන් මෙන් ඔවුන් ක්ලාන්ත වෙද්දී,
තම මවුවරුන්ගේ ඇකයෙහි
ඔවුන්ගේ ජීවිත මිලින ව යද්දී,
“කෝ රොටි නැද්ද? කෝ මිදි යුෂ නැද්දැ?” යි
ඔවුහු තම මවුවරුන්ගෙන් අසති.
13එම්බා යෙරුසලම් දියණිය,
නුඹ ගැන මම කුමක් කියම් ද?
කුමක් සමඟ නුඹ සසඳන්නෙම් ද?
එම්බා සියොන් කන්‍යා දියණිය,
නුඹ අස්වසාලනු පිණිස,
මම කුමකට නුඹ සමාන කරම් ද?
නුඹගේ තුවාලය මහ මුහුද මෙන් ගැඹුරු ය;
කවරකුට නුඹ සුව කළ හැක්කේ ද?
14ඔබගේ දිවැසිවරුන් දුටුවේ,
බොරු හා වංචනික දර්ශන ය.
නුඹේ වහල්කම පහකිරීමට,
ඔවුන් නුඹේ පාප එළිදරවු කළේ නැත.
ඔවුන් ඔබට දැන් වූ අනාවැකි ද
බොරු ය. රැවටිලිකාරී ය.
15නුඹ පසු කර මග යන එන සියල්ලෝ,
නුඹේ වැටීම ගැන අත්පොළසන් දෙති;
ඔවුහු යෙරුසලම් දියණියට සමච්චල් කරමින්,
තම හිස් වන වනා,
“ඔහෝ! අලංකාරයේ පරිපූර්ණත්වය ය,
සමස්ත පොළොවේ ප්‍රීතිය යැයි
හැඳින්වුණු පුරවරය ද මේ!” යි අසති.
16නුඹේ සියලු සතුරෝ
මුව පුරා නුඹට සමච්චල් කරති.
ඔවුහු නුඹට ගරහමින් දත්මිටි කමින් ද
“හෝ අපි යෙරුසලම යට කර දැම්මෙමු;
අප පුල පුලා සිටි දවසයි මේ;
අපි අපේ ම ඇස්වලින් එය දැක්කෙමු” යි කියති.
17 ස්වාමින්වහන්සේ තමන් අරමුණු කළ දේ කළ සේක;
උන්වහන්සේ ආදි කාලයේ තමන් නියම කර තිබූ
තම වචනය ඉෂ්ට කළ සේක.
උන්වහන්සේ දයා විරහිත ව නුඹ බිඳ හෙළූ සේක්,
නුඹ ගැන කුරිරු ලෙස සතුටු වන්නට සතුරාට ඉඩ සැලසූ සේක.
උන්වහන්සේ නුඹේ එදිරිවාදීන්ගේ බලය උසස් කළ සේක.
18ජන හදවත්
ස්වාමින්ට මොර ගසන්නේ ය.
එම්බා මගේ ජනයා වූ සියොන් දියණියගේ පුර පවුරු,
දිවා රැයේ
නුඹේ කඳුළු ගඟක් සේ ගලා යේවා;
විරාමයක් නො ගෙන,
එක දිගට ම ඇසේ කඳුළු හෙළන්න.
19රැය මුළුල්ලේ පිබිද,
රෑ යාම ඇරඹුමේ දී හඬා වැටී,
ස්වාමින් අබියස
ඔබේ හද වතුර මෙන් වගුරු වන්න.
හැම වීදියක් ඉද්දර
හාමතින් ක්ලාන්ත වන
ඔබේ දරුවන්ගේ ජීවිත උදෙසා,
උන්වහන්සේ වෙත ඔබේ අත් ඔසවන්න.
20“බලනු මැන අහෝ ස්වාමින්වහන්ස, සිතා බලන්න,
කවදා කවරකුට ඔබ මෙලෙස කළ සේක් ද?
ස්ත්‍රීන් තම කුසයේ පලය වන
තමන් ඇතිදැඩි කළ දරුවන් කා දැමිය යුතු ද?
පූජකයින් හා දිවැසිවරුන්
ස්වාමීන්ගේ ශුද්ධස්ථානය ඇතුළත මැරුම් කෑ යුතු ද?
21“බාලයෝ මෙන් ම මහල්ලෝ ද
වීදිවල දූලියෙහි හෙවී සිටිති;
මගේ කන්‍යාවියෝ හා මගේ තරුණයෝ
කඩුවෙන් වැටී ගියෝ ය.
ඔබගේ කෝපයේ දවසේදී ඔබ ඔවුන් ඝාතනය කර දැමූ සේක;
අනුකම්පාවෙන් තොර ව ඔබ ඔවුන් ඝාතනය කළ සේක.
22“මංගල්‍ය දවසකට ජනතාව කැඳවන්නා සේ,
ඔබ මට එරෙහිව හැම අතින් ම භීතිය කැඳවූ සේක.
ස්වාමින්වහන්සේගේ කෝපයේ දවසේ
කිසිවකු ගැලවෙන්නේ නැත; නො මැරී ඉතිරි වන්නේ නැත.
මා හදා-වඩා ඇතිදැඩි කළවුන්
මගේ සතුරා විසින් විනාශ කර දමනු ලැබී” ය.
Currently Selected:
විලාප ගී 2: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: