YouVersion Logo
Search Icon

විලාප ගී 2:20-21

විලාප ගී 2:20-21 SCV

“බලනු මැන අහෝ ස්වාමින්වහන්ස, සිතා බලන්න, කවදා කවරකුට ඔබ මෙලෙස කළ සේක් ද? ස්ත්‍රීන් තම කුසයේ පලය වන තමන් ඇතිදැඩි කළ දරුවන් කා දැමිය යුතු ද? පූජකයින් හා දිවැසිවරුන් ස්වාමීන්ගේ ශුද්ධස්ථානය ඇතුළත මැරුම් කෑ යුතු ද? “බාලයෝ මෙන් ම මහල්ලෝ ද වීදිවල දූලියෙහි හෙවී සිටිති; මගේ කන්‍යාවියෝ හා මගේ තරුණයෝ කඩුවෙන් වැටී ගියෝ ය. ඔබගේ කෝපයේ දවසේදී ඔබ ඔවුන් ඝාතනය කර දැමූ සේක; අනුකම්පාවෙන් තොර ව ඔබ ඔවුන් ඝාතනය කළ සේක.

Video for විලාප ගී 2:20-21