යෝෂුවා 8
8
ආයි පැරදවීම
1එවිට ස්වාමින්වහන්සේ, යෝෂුවාට කතා කොට, “භය වන්න එපා; කැලඹෙන්න එපා. සටන්කාමී මිනිසුන් සියලු දෙනා ඔබ සමඟ ගෙන, නැගිට ආයිට යන්න. ඔන්න! මම ආයිහි රජුත්, ඔහුගේ ජනයාත්, ඔහුගේ පුරය හා ඔහුගේ දේශයත් ඔබේ අත්වලට දී ඇත්තෙමි. 2ඔබ ආයිට හා එහි රජුට කළ යුත්තේ යෙරිකෝවට හා එහි රජුට ඔබ කළ පරිද්දෙනි. එහෙත් පැහැර ගන්නා ලද දෑ හා පශු සම්පත් කොල්ලයක් වශයෙන් ඔබට ම ගත හැකි ය. පුරවරයට එරෙහිව ඊට පිටුපසින් රහසේ රැක සිටින සේනාංකයක් තබන්නැ” යි පැවසූ සේක.
3එබැවින් යෝෂුවා හා සටන්කාමී මිනිස්සු සියලු දෙනා නැගිට, ආයිට එරෙහිව ගියහ. යෝෂුවා රණශූර, වික්‍රමාන්විත මිනිසුන් තිස්දහසක් තෝරා, රාත්‍රියේ ඔවුන් පිටතට යැවී ය. 4ඔහු ඔවුන්ට අණ කරමින්, “බලනු! ඔබ පුරවරයට එරෙහිව ඊට පිටුපසින් රහසේ රැක සිටිය යුතුයි. පුරවරයෙන් වැඩි ඈතට නො ගොසින්, ඔබ සැවොම විමසිල්ලෙන් සිටිය යුතුයි. 5මාත් මා සමඟ සිටින හැමදෙනාත් පුරවරය වෙත කිට්ටු කරනවා. එවිට ඔවුන් පළමු වතාවේ මෙන් අපට එරෙහිව පිටතට ඒවි; එවිට අපි ඔවුන් ඉදිරියෙන් පලා දුවනවා. 6පුරවරයෙන් පිටතට අප ඔවුන් ඇදගන්නා තෙක්, ඔවුන් අප ලුහුබැඳ ඒවි. ‘පළමු වතාවේ මෙන් ඔවුන් අප වෙතින් පලා දුවනවා’ යි ඔවුන් කියනු ඇත. මෙසේ අප ඔවුන් වෙතින් පලා යන කල, 7ඔබ සැඟවී සිටින තැනින් නැගිට, ගොස්, පුරවරය අල්ලා ගත යුතුයි. ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ එය ඔබේ අත්වලට දෙන සේක. 8ඔබ පුරවරය අල්ලා ගත් කල, ඊට ගිනි තියන්න. ස්වාමින්වහන්සේ නියෝග කළ දෙය කරන්න. ඔන්න, මම ඔබට අණ කළෙමි” යි පැවසී ය.
9මෙසේ යෝෂුවා ඔවුන් පිටත් කර යැවී ය. ඔවුහු රහසේ රැක සිටින ස්ථානයට පිටත් ව ගියෝ, ආයිට බටහිරින්, ආයි හා බෙතෙල් අතර සැඟවී ගත්හ. එහෙත් යෝෂුවා ජනතාව අතරෙහි රැය ගත කළේ ය.
10යෝෂුවා අලුයම් උදයෙන් නැගිට, තම මිනිසුන් රැස් කළේ ය. ඔහු ද ඉශ්‍රායෙල් වැඩිහිටියෝ ද ජනයාට පෙරටුවෙන් ආයි වෙත ගමන් කළහ. 11ඔහු සමඟ වූ සියලු සටන්කාමී මිනිස්සු ගමන් කොට, පුරවරය ඉදිරියට ළං වී, ආයි හා තමන් අතර මිටියාවතක් තිබෙන පරිදි, එපුර ඉදිරිපිටින්, ආයිට උතුරු දෙසින් කඳවුරු බැන්දහ. 12යෝෂුවා පන්දහසක් පමණ මිනිසුන් කැඳවා, ආයිට බටහිරින්, ආයි හා බෙතෙල් අතර රහසේ සැඟවෙන්නට සැලසී ය. 13මෙසේ ඔවුහු පුරවරයට උතුරින් ප්‍රධාන කඳවුර හා පුරවරයට බටහිරින් පසු සේනාංකය ද ස්ථානගත කළහ. එහෙත් යෝෂුවා රැය ගත කළේ මිටියාවතේ ය.
14ආයිහි රජු තත්වය දුටු විගස, ඔහු ද ඔහුගේ ජනයා වන එපුර වාසී මිනිස්සු සියලු දෙනා ද ඉශ්‍රායෙල් හා සටනට මුහුණ දෙන පිණිස, වේලාසනින් ම අරාබාට මුහුණ ලා පිහිටි එක්තරා පෙදෙසකට වහ වහා පිටත් වූහ. එහෙත් පුරවරයට පිටුපසින් තමන්ට එරෙහිව රහසේ රැක සිටින සේනාංකය ගැන ඔහු දැන සිටියේ නැත. 15එවිට යෝෂුවා හා මුළු ඉශ්‍රායෙල් ජනයා ඔවුන් ඉදිරියේ පැරදුණු වග අඟවා, පාළුකරය දෙසට පලා ගියහ. 16ඔවුන් ලුහුබැඳ යන පිණිස ආයි වාසී සියලු දෙනා කැඳවනු ලැබ, යෝෂුවා පසු පස හඹා ගියහ. ඔවුහු, පුරවරය වෙතින් ඈතට ගෙන යන ලදහ. 17ඉශ්‍රායෙල් ලුහුබැඳ නො ගිය එක මිනිසකුදු ආයිහි හෝ බෙතෙල්හි හෝ ඉතිරි ව සිටියේ නැත. ඔවුන් ඉශ්‍රායෙල් ලුහුබැඳ ගොස් තිබුණේ, පුරවරය අනාරක්ෂිත ව හැර තබමින් ය.
18එවිට ස්වාමින්වහන්සේ යෝෂුවා අමතා, “ඔබ අතේ ඇති හෙල්ලය ආයි දෙසට දිගු කරන්න. මන්ද මම ඔබේ අතට එපුරවරය දෙමි” යි පැවසූ සේක. එබැවින් යෝෂුවා තම අතේ වූ හෙල්ලය ආයි දෙසට දිගු කළේ ය. 19ඔහු එසේ තමාගේ අත දිගු කළ විගස, රහසේ රැක සිටි මිනිස්සු තමන් සිටි ස්ථානයෙන් වහා නැගිට, වේගයෙන් දිව ගොස්, පුරවරයට වැද, එය අල්ලාගෙන, ඒ විගසින් ඊට ගිනි තැබූහ.
20ආයිහි මිනිසුන් ආපසු හැරී බැලූ කල, මෙන්න! පුරවරයේ දුම අහසට නැගෙනු පෙනිණි. එවිට ඔවුනට එදෙසටවත්, මෙදෙසටවත් පලා යන්නට හැකියාවක් නො වී ය. මන්ද පාළුකරය දෙසට පලා යමින් සිටි ඉශ්‍රායෙල් ජනයා තමන් ලුහුබැඳ ආවුනට එරෙහිව ආපසු හැරුණහ. 21රහසේ රැක සිටියවුන් පුරවරය අල්ලා ගත් වගත්, පුරවරයේ දුම ඉහළ නගින වගත් දුටු යෝෂුවා හා සියලු ඉශ්‍රායෙල්වරු ආපසු හැරී, ආයි මිනිසුන් ගසා හෙළන්නට වන්හ. 22සෙසු අය ද ඔවුනට එරෙහිව පුරවරයෙන් පිටතට ආහ. එසේ ඔවුහු දෙපසින් ම ඉශ්‍රායෙල්වරුන්ට මැදි වූහ. ඔවුන්ගෙන් කිසිවකු ඉතිරි වන්නේවත්, බේරී පලා යන්නේවත් නැති වන ලෙස ඉශ්‍රායෙල්වරු ඔවුන් ගසා හෙළූහ. 23එහෙත් ඔවුහු ආයි රජු පණ පිටින් අල්ලාගෙන, යෝෂුවා වෙත ගෙන ආහ.
24ඉශ්‍රායෙල්වරු ඔවුන් පසු පස හඹා ගොස්, එළිමහන් පාළුකරයේදී ආයි වාසී ජනයා මැරීමේ කාරිය නිම කළහ. ඒ හැම කෙනකු අන්තිමයා දක්වා ම වැටී ගියේ කඩු මුවහතිනි. ඉන්පසු සියලු ඉශ්‍රායෙල්වරු ආපසු පැමිණ, ආයි පුරවරය ද කඩු මුවහතින් ගසා හෙළූහ. 25ඒ දවසේ වැටී ගිය ආයි වාසී සියල්ලන් වන පුරුෂ හා ස්ත්‍රී ගණන දොළොස් දහසකි. 26මන්ද ආයි වාසී හැම සමූලඝාතන#8:26 සමූලඝාතන එනම් විනාශයට කැප කරන තුරු කරන තුරු යෝෂුවා හෙල්ලය දරමින් දිගු කළ තම අත, ආපසු ඇදගත්තේ නැත. 27එහෙත් එපුර සත්ව සම්පත් හා පැහැර ගත් දෑ ඉශ්‍රායෙල් තමාට කොල්ලය වශයෙන් ගත්තේ ස්වාමින්වහන්සේ යෝෂුවාට අණ කර තිබූ පරිද්දෙනි.
28මෙසේ ආයි#8:28 ආයි එහි අර්ථය සුන්බුන් පුර ගිනි ලූ යෝෂුවා අද දවස දක්වා තිබෙන පරිදි එය සදහට ම සුන්බුන් ගොඩක් කළේ ය. 29ඔහු ආයිහි රජු සවස දක්වා ගසක එල්ලා තැබී ය. හිරු අවරට යන කල, යෝෂුවා දුන් නියෝගය පිට ඔවුහු ඔහුගේ සිරුර ගසෙන් බා, එය පුරවරයේ පිවිසුම් දොරකඩ හෙළූහ. ඔවුහු ඒ මත අද දක්වාත් පවතින මහ ගල් ගොඩක් ගැසූහ.
ඒබාල් කන්දේදී ගිවිසුම අලුත් කිරීම
30ඉන්පසු යෝෂුවා, ඒබාල් කන්ද පිට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට පූජාසනයක් ඉදි කළේ, 31ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස්, ඉශ්‍රායෙල්වරුන්ට අණ කර තිබූ ලෙසින් ම ය. එය මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා ඇති පරිදි එය යකඩ අවියක් භාවිත නො කොට, පියවි ගලින් කළ පූජාසනයක් විය. ඒ මත ඔවුහු ස්වාමින්වහන්සේට දවන යාග පූජා ඔප්පු කරමින්, ශාන්ති පූජා යාග කළහ. 32යෝෂුවා, මෝසෙස් විසින් ලියා තිබූ මෝසෙස්ගේ ව්‍යවස්ථාව, ඉශ්‍රායෙල්වරුන් ඉදිරිපිට ගල් පුවරු මත ලිවී ය. 33විදේශීන් හා දේශ වාසීන් මුළු මහත් ඉශ්‍රායෙල්, ඔවුන්ගේ වැඩිහිටියන්, නිලධාරීන් හා ඔවුන්ගේ විනිසුරුවන් සමඟ ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව දෙපසෙහි එය ඉසිලූ ලෙවීවරුන් වූ පූජකයින්ට මූණ ලා සිටගත්හ. ඔවුන්ගෙන් අඩක් ගෙරිසීම් කන්ද ඉදිරිපිට ද අනෙක් අඩ ඒබාල් කන්ද ඉදිරිපිට ද වූයේ ඉශ්‍රායෙල් ජනතාවට ආශිර්වාද කිරීමට ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් මුලදී අණ දී තිබූ පරිද්දෙනි.
34ඉන්පසු ඔහු ව්‍යවස්ථා පොතේ සඳහන් පරිදි, ව්‍යවස්ථාවේ ලියනු ලැබ ඇති ආශිර්වාද හා ශාප යන සියලු වචන කියවී ය. 35මෝසෙස් අණ කර තිබූ සියලු වචන අතරින් සමස්ත ඉශ්‍රායෙල් සමාජය ඉදිරියේ හා කාන්තාවන් ද ළමයින් ද ඔවුන් අතරේ පදිංචි ව සිටි විදෙස්සන් ද ඉදිරියේ යෝෂුවා නො කියවූ එකදු වචනයක්වත් නො වී ය.
Currently Selected:
යෝෂුවා 8: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: