යෝෂුවා 7:2-5
යෝෂුවා 7:2-5 SCV
යෝෂුවා, බෙතෙල්ට නැගෙනහිර දෙසින් බෙත්-ආවෙන් අසල පිහිටි ආයි වෙත යෙරිකෝවේ සිට මිනිසුන් යැවී ය. ඔහු ඔවුන් අමතා, “ගොසින්, දේශයේ ඔත්තු බලන්නැ” යි පැවසී ය. එබැවින් ඒ මිනිස්සු පිටත් ව, ආයිහි ඔත්තු බැලූහ. යෝෂුවා වෙත පෙරළා ආ ඔවුහු ඔහු අමතා, “ආයිට එරෙහිව සියලු ජනයා යා යුතු නැත; මිනිසුන් දෙතුන් දහසක් පමණ ගොස්, ආයිට පහර දිය හැක. හැමෝම වෙහෙස කරවීමට වුවමනා නැත. මන්ද එහි සිටින්නේ ඔවුන් ස්වල්ප දෙනෙකැ” යි කීහ. මෙසේ මිනිසුන් තුන්දහසක් පමණ ජනයා වෙතින් ගියහ; එහෙත් ඔවුහු, ආයි මිනිසුන් වෙතින් පලා දිවූහ. ආයි වාසීහු, ඔවුන්ගෙන් තිස්හය දෙනකු පමණ මරා දැමූහ. ඔවුහු නගර දොරටුවේ සිට ෂෙබාරීම් දක්වා ඔවුන් පන්නා ගොස්, බෑවුමේදී ඔවුන් ගසා හෙළූහ. එබැවින් ජනයාගේ හදවත් දියවී, වතුර මෙන් වූයේ ය.





