යෝෂුවා 7:16-23
යෝෂුවා 7:16-23 SCV
එබැවින් යෝෂුවා අලුයම් උදයෙන් නැගිට, ඉශ්‍රායෙල් ගෝත්‍රයෙන් ගෝත්‍රය ළං කරවී ය. යූදා ගෝත්‍රය ගනු ලැබිණ. ඉන්පසු ඔහු යූදා පියවංශ ළං කරවී ය. සර්හී පෙළපත ගනු ලැබිණ; ඉන්පසු සර්හී පියවංශය පවුල් වශයෙන් ළං කරවී ය. සබ්දී ගනු ලැබිණ. ඉන්පසු ඔහු, සබ්දී පවුල තනි තනි පුද්ගලයා වශයෙන් ළං කරවී ය. එවිට ආකාන් ගනු ලැබී ය. ඔහු යූදා ගෝත්‍රයේ සෙරාගේ පුත්, සබ්දීගේ පුත්, කර්මීගේ පුත්‍රයා ය. එවිට යෝෂුවා, ආකාන් අමතා, “මගේ පුත්‍රය, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මහිමය දෙන්න. වරද උන්වහන්සේට කියන්න. ඔබ කුමක් කළේදැයි මට කියන්න; එය මගෙන් සඟවන්න එපා” යි පැවසී ය. එවිට ආකාන් යෝෂුවාට පිළිතුරු දෙමින්, “එය ඇත්තයි; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව මා පව් කළා. මා කළේ මෙයයි. කොල්ලය අතරේ ෂිනාර් දේශයේ අලංකාර ලෝගුවක් ද රිදී ෂෙකෙල් දෙසීයක් හා ෂෙකෙල් පනහක් බර රන් කූරක් ද දැක, ඒවාට ආශා වී, මා ඒවා ගත්තා. අන්න දැන් ඒවා මගේ කූඩාරම ඇතුළේ පොළොව යට සඟවා තියෙනවා. ඊට යටින් රිදී ඇතැ” යි පැවසී ය. එබැවින් යෝෂුවා පණිවුඩකරුවන් යැවී ය. ඔවුහු කූඩාරම වෙත දිව ගියහ. මෙන්න! ඒවා එහි තිබිණි. ඒවා ඔහුගේ කූඩාරම තුළ සඟවා තිබිණි. ඊට යටින් රිදී තිබිණි. ඔවුහු කූඩාරමෙන් ඒවා රැගෙන, යෝෂුවා හා සියලු ඉශ්‍රායෙල්වරුන් වෙත ගෙනවුත්, ස්වාමින්වහන්සේ අබියස ඒවා අතුළෝ ය.





