යෝෂුවා 4:5-7
යෝෂුවා 4:5-7 SCV
ඔවුන්ට කතා කොට, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කරඬුව ඉදිරියට, යොර්දාන් ගඟ මැදට ගොස්, ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ ගණනට අනුව ඔබ හැම කෙනකු ම ගලක් බැගින් උර මතට ගන්න. මෙය ඔබ අතරේ ලකුණක් වනු ඇත. මතු දවස්හි දී ඔබේ දරුවන්, ‘මොකක් ද මේ ගල්වල ඔබට ඇති තේරුම යැ?’ යි ඔබෙන් ඇසූ විටෙක, ‘ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියේ යොර්දාන් ජල ප්‍රවාහය තීන්දුවට ම වෙන් ව ගිය වග ද එය යොර්දාන් ගඟෙන් එතෙර වීමේදී, යොර්දාන් ජලය බෙදී ගිය වග ද එබැවින් මේ ගල් ඉශ්‍රායෙල් ජනතාවට සදාතනික සිහිවටනයක් වනු ඇති වග ද ඔවුන්ට කියන පිණිස යැ’ යි” කීවේ ය.





