YouVersion Logo
Search Icon

යෝෂුවා 4:4-7

යෝෂුවා 4:4-7 SCV

එබැවින් යෝෂුවා, ඉශ්‍රායෙල් ජනයාගෙන් එක් ගෝත්‍රයකට එක් කෙනකු බැගින් තමා පත් කර තිබූ මිනිසුන් දොළොස් දෙනා කැඳවා, ඔවුන්ට කතා කොට, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කරඬුව ඉදිරියට, යොර්දාන් ගඟ මැදට ගොස්, ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ ගණනට අනුව ඔබ හැම කෙනකු ම ගලක් බැගින් උර මතට ගන්න. මෙය ඔබ අතරේ ලකුණක් වනු ඇත. මතු දවස්හි දී ඔබේ දරුවන්, ‘මොකක් ද මේ ගල්වල ඔබට ඇති තේරුම යැ?’ යි ඔබෙන් ඇසූ විටෙක, ‘ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියේ යොර්දාන් ජල ප්‍රවාහය තීන්දුවට ම වෙන් ව ගිය වග ද එය යොර්දාන් ගඟෙන් එතෙර වීමේදී, යොර්දාන් ජලය බෙදී ගිය වග ද එබැවින් මේ ගල් ඉශ්‍රායෙල් ජනතාවට සදාතනික සිහිවටනයක් වනු ඇති වග ද ඔවුන්ට කියන පිණිස යැ’ යි” කීවේ ය.