යෝෂුවා 3:9-13
යෝෂුවා 3:9-13 SCV
යෝෂුවා ඉශ්‍රායෙල්වරුන්ට කතා කොට, “මෙහි එන්න; ඇවිත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ වචනවලට සවන් දෙන්න. ජීවමාන දෙවියන්වහන්සේ ඔබ අතර සිටින වගත්, කානානිවරුන්, හිත්තිවරුන්, හිවීවරුන්, පෙරිස්සිවරුන්, ගිර්ගාෂිවරුන්, අමෝරිවරුන් හා යෙබූසිවරුන් උන්වහන්සේ නිසැකයෙන් ම ඔබ ඉදිරියෙන් පන්නා දමන වගත් ඔබ දැනගන්නේ මෙලෙසිනි; ඔන්න! මුළු පොළොවේ ස්වාමියාණන්ගේ ගිවිසුම් කරඬුව ඔබට පෙරටුවෙන් යොර්දානයට බසින්නට යයි. දැන්, එක් ගෝත්‍රයකින් එක් මිනිසකු බැගින් ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් මිනිසුන් දොළොස් දෙනකු තෝරා ගන්න. මුළු පොළොවේ ස්වාමියාණන් වන ස්වාමින්වහන්සේගේ කරඬුව උසුලාගෙන යන පූජකයින් යොර්දාන් ජලයට පය ගැසූ සැණින්, ඉස්මත්තේ සිට ආ යොර්දාන් ජලය ගැලීමෙන් බෙදී, ඉහළ සිට පහළට ආ ජලය තනි ගොඩක් ව නැගී සිටිනු ඇතැ” යි පැවසී ය.





