යෝෂුවා 3:3-4
යෝෂුවා 3:3-4 SCV
ජනයාට නියෝග කරමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව, ලෙවීවර පූජකයින් උසුලාගෙන යනවා ඔබ දකින විගස, ඔබ සිටිනා තැන්වලින් මෑත් ව, ඒ පසුපසින් ගමන් කළ යුතු ය. එහෙත් ඔබත්, එයත් අතර රියන් දෙදහසක පරතරයක් තිබිය යුතු ය. ඊට ළං නො විය යුතු ය; මින් පෙර කිසි දින ඔබ මේ මාර්ගයේ ගොස් නැති බැවින්, ඔබ යා යුතු මාර්ගය එය ඔබට පෙන්වනවා ඇතැ” යි කීහ.





