YouVersion Logo
Search Icon

යෝෂුවා 23:1-3

යෝෂුවා 23:1-3 SCV

දිගු කලක් ගත වූ පසු, ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට, හැම අතින් ම ඔවුන් වටා සිටි ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් විවේකය දී තිබියදී, යෝෂුවා මහලු ව බෙහෙවින් වියපත් ව සිටියේ ය. යෝෂුවා ඉශ්‍රායෙල් සියල්ලන්, ඔවුන්ගේ වැඩිහිටියන්, නායකයින්, ඔවුන්ගේ විනිසුරුවන් හා නිලධාරීන් කැඳවා, ඔවුන් අමතමින්, “මම දැන් මහලුයි; හොඳට ම වියපත් වෙලා. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ උදෙසා මේ සියලු ජාතීනට කළ දෑ සියල්ල ඔබ දුටුවා. මන්ද ඔබ උදෙසා සටන් කළේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ යි.

Video for යෝෂුවා 23:1-3

Free Reading Plans and Devotionals related to යෝෂුවා 23:1-3