YouVersion Logo
Search Icon

යෝෂුවා 2:1-4

යෝෂුවා 2:1-4 SCV

ඉන්පසු නූන්ගේ පුත් යෝෂුවා, ෂිට්ටීම්හි සිට මිනිසුන් දෙදෙනකු ඔත්තුකරුවන් වශයෙන් රහසේ පිටත් කර යවමින්, “යන්න, දේශය නිරීක්ෂණ කරන්න; විශේෂයෙන් ම යෙරිකෝව යැ” යි පැවසී ය. එබැවින් ඔවුහු පිටත් ව ගොස්, රාහාබ් නම් වූ වෙසඟනගේ නිවසට පිවිස, එහි නවාතැන් ගත්හ. යෙරිකෝවේ රජුට ඒ වග පවසන ලදී. “අන්න! ඉශ්‍රායෙල් මිනිසුන් දේශය පරීක්ෂා කරන්නට අද රෑ මෙහි ඇවිල්ලා.” එවිට යෙරිකෝවේ රජ, රාහාබ් වෙත පණිවුඩ යවමින්, “ඔබ වෙත පැමිණ, ඔබේ නිවසට ඇතුල් වූ මිනිසුන් පිටතට ගෙනෙන්න. මන්ද ඔවුන් ඇවිත් සිටින්නේ මුළු දේශය ම පරීක්ෂා කර බලන්නට යැ” යි දැන්වී ය. එහෙත් එම කාන්තාව ඒ මිනිසුන් දෙදෙනා කැඳවා, ඔවුන් සැඟෙවුවා ය. ඉන්පසු ඈ, “ඔව්, ඒ මිනිසුන් මා වෙත ආවා. ඒත් ඔවුන් කොහේ සිට ආවාදැයි මා දැන සිටියේ නැහැ.