යෝෂුවා 19
19
සිමියොන් සඳහා වෙන් වූ කොටස කොටස
1දෙවන පස ඇටය වැටුණේ, සිමියොන් සඳහා ය. ඔවුන්ගේ පෙළපත්වලට අනුව සිමියොන් ජනයාගේ ගෝත්‍රය සඳහා ය. ඔවුන්ගේ උරුමය නියම ව තිබුණේ යූදා ගෝත්‍රයේ උරුමය ඇතුළත ය. 2ඔවුන්ගේ උරුමය ලෙස ඔවුන්ට:
බෙයර්ෂෙබා, ෂෙබා, මෝලාදා, 3හසර්-ෂූවාල්, බාලා, එසෙම්, 4එල්තෝලද්, බෙතූල්, හොර්මා, 5සික්ලග්, බෙත්-මර්කාබොත්, හසර්-සූසා, 6බෙත්-ලෙබායොත් හා ෂාරුහෙන් යන නගර දහතුන හා ඒවායේ ගම්මාන විය.
7අයින්, රිම්මෝන්, එතෙර් හා ආෂාන් යන නගර හතර හා ඒවායේ ගම්මාන විය. 8ඒවා සමඟ බාලත්-බෙයේර් (එනම් නෙගෙබ්හි රාමා) දක්වා මෙම සියලු නගර වටා වූ සියලු ගම්මාන ද අයත් ය.
ඔවුන්ගේ පෙළපත්වලට අනුව සිමියොන් ගෝත්‍රයේ ජනයාගේ උරුමය වූයේ එයයි. 9සිමියොන්වරුන්ගේ උරුමය සැදුම් ලද්දේ යූදා ජනයාගේ භූමි ප්‍රදේශයේ කොටසකිනි. මන්ද යූදාගේ උරුම කොටස ඔවුන්ට පමණටත් වඩා විශාල ව තිබිණි. එබැවින් සිමියොන්වරුන් තමන්ගේ උරුමය ලබා ගත්තේ ඔවුන්ගේ උරුමය ඇතුළත ය.
සාබුලොන් සඳහා වෙන් වූ කොටස
10තුන් වන පස ඇටය වැටුණේ, ඔවුන්ගේ පෙළපත්වලට අනුව සාබුලොන් ගෝත්‍රික ජනයා සඳහා ය.
ඔවුන්ගේ උරුම දේශ සීමාව, සාරීද් දක්වා ඈතට ළඟා විය. 11එතැනින් දේශ සීමාව බස්නාහිරට ද මරාලා දක්වා ගොස්, දබ්බෙෂෙත් වෙත ළඟා වී, එතැනින් යොක්නෙයාම් අසල ඇති ඔය දක්වා දිවෙයි. 12සාරීද්හි සිට එය හිරු නැගෙන දෙසට, නැගෙනහිර දිශාවේ කිස්ලොත්-තාබොර් මායිම දක්වා යයි. එතැනින් එය දාබෙරත්ට ද එතැනින් යාෆියා දක්වා ද යයි. 13එතැන් සිට එය හිරු නැගෙන නැගෙනහිර දෙස ගාත්-හේෆෙර් දක්වා ද එත්-කාසීන් දක්වා ද එතැනින් රිම්මෝන් දක්වා ද ගොස්, නේයා දෙසට හැරෙයි. 14උතුරින් දේශ සීමාව හන්නාතොන් දෙසට හැරී, ඉෆ්තහෙල් මිටියාවතෙන් කෙළවර වූයේ,
15කට්ටාත්, නහලාල්, ෂිම්රෝන්, ඉදලා හා බෙත්ලෙහෙම් යන නගර දොළහ හා ඒවායේ ගම්මානවලිනි.
16මෙම නගර ඒවායේ ගම්මාන සමඟ ඔවුන්ගේ පෙළපත්වලට අනුව සාබුලොන් ගෝත්‍රයේ ජනයාගේ උරුමය විය.
ඉස්සාකර් සඳහා වෙන් වූ කොටස
17හතර වන පස ඇටය වැටුණේ, ඉස්සාකර් සඳහා ය. ඔවුන්ගේ පෙළපත්වලට අනුව ඉස්සාකර් ගෝත්‍ර ජනයා සඳහා ය. 18ඔවුන්ගේ පළාතට:
යෙස්රෙයෙල්, කෙසුල්ලොත්, ෂූනෙම්, 19හෆාරයිම්, ෂීයොන්, අනාහරත්, 20රබ්බීත්, කිෂියොන්, එබෙස්, 21රෙමෙත්, ඒන්-ගන්නීම්, ඒන්-හද්දා හා බෙත්-පසේස් ඇතුළත් ය.
22තවද දේශ සීමාව තාබෝර්, ෂහසූමා හා බෙත්-ෂෙමෙෂ් තෙක් ළඟා වී, එහි සීමාව යොර්දානෙන් කෙළවර විය.
එහි නගර දාසයක් හා ඒවායේ ගම්මාන විය.
23මෙම නගර හා ඒවායේ ගම්මාන, ඔවුන්ගේ පෙළපත්වලට අනුව ඉස්සාකර් ගෝත්‍රයේ ජනයාගේ උරුමය විය.
ආෂෙර් සඳහා වෙන් වූ කොටස
24පස් වන පස ඇටය වැටුණේ, ඔවුන්ගේ පෙළපත්වලට අනුව ආෂෙර් ගෝත්‍ර ජනයා සඳහා ය. 25ඔවුන්ගේ පළාතට:
හෙල්කත්, හලී, බෙටෙන්, අක්ෂාෆ්, 26අලම්මෙලෙක්, අමාද් හා මිෂාල් ඇතුළත් ය. බස්නාහිර දෙසට එය කර්මෙල් හා ෂීහොර්-ලිබ්නාත් වෙත ළඟා විණි. 27එතැනින් එය නැගෙනහිර දෙසට හැරී, බෙත්-දාගොන් වෙත ගොස්, සාබුලොන් හා ඉෆ්තහෙල් මිටියාවත උතුරු දෙසට, බෙත්-ඒමෙක් හා නෙයියෙල් වෙත ළඟා වී, එතැනින් එය උතුරට විහිදෙන්නේ කාබූල්, 28එබ්‍රොන්, රෙහොබ්, හම්මෝන්, කානා හා මහ සීදොන් තෙක් ඈතට ය. 29එතැනින් දේශ සීමාව රාමා දෙසට හැරී, බළකොටු පුරවරයක් වූ තීර් වෙත ළඟා වේ. එතැනින් දේශ සීමාව, හොසා දෙසට හැරී, මුහුද ළඟදී කෙළවර වෙයි. අක්සීබ් පෙදෙස, 30උම්මා, අෆේක් හා රෙහොබ් ඇතුළු ව
එහි නගර විසිදෙකක් හා ඒවායේ ගම්මාන විය.
31මෙම නගර හා ඒවායේ ගම්මාන, ඔවුන්ගේ පෙළපත්වලට අනුව ආෂෙර් ගෝත්‍රයේ ජනයාගේ උරුමය විය.
නෆ්තලී සඳහා වෙන් වූ කොටස
32හය වන පස ඇටය වැටුණේ, නෆ්තලී ජනයා සඳහා ය. ඔවුන්ගේ පෙළපත්වලට අනුව නෆ්තලී ගෝත්‍ර ජනයා සඳහා ය:
33ඔවුන්ගේ දේශ සීමාව, හේලෙෆ් සිට සානන්නීම්හි ආලෝන් වෘක්ෂයේ පටන් අදාමි-නෙකෙබ් හා යබ්නෙයෙල් පසු කොට ලක්කූම් තෙක් ඈතට විහිදී, යොර්දානෙන් කෙළවර වෙයි. 34එතැනින් දේශ සීමාව බස්නාහිර දෙසට හැරී, අස්නොත්-තාබෝර් වෙත හා එතැන් සිට හූකොක් වෙත ළඟා වන්නේ දකුණින් සාබුලොන් ද බස්නාහිරෙන් ආෂෙර් ද නැගෙනහිරින් යොර්දානය අසල යූදා ද දක්වා ය.
35බළකොටු සහිත පුරවර නම් සිද්දීම්, සේර්, හම්මත්, රක්කත්, කින්නෙරෙත්, 36අදාමා, රාමා, හාසොර්, 37කෙදෙෂ්, එද්රෙයි, ඒන්-හාසොර්, 38ඉරෝන්, මිග්දලෙල්, හොරේම්, බෙත්-අනාත් හා බෙත්-ෂෙමෙෂ්
යන නගර දහනවයක් හා ඒවායේ ගම්මාන වෙයි.
39මෙම නගර හා ඒවායේ ගම්මාන ඔවුන්ගේ පෙළපත්වලට අනුව නෆ්තලී ගෝත්‍ර ජනයාගේ උරුමය විය.
දාන් සඳහා වෙන් වූ කොටස
40හත් වන පස ඇටය වැටුණේ, ඔවුන්ගේ පෙළපත්වලට අනුව දාන් ගෝත්‍රයේ ජනයා සඳහා ය. 41ඔවුන්ගේ උරුමයේ භූමි ප්‍රදේශයට ඇතුළත් වූයේ:
සෝරා, එෂ්තායොල්, ඊර්-ෂෙමෙෂ්, 42ෂාලබ්බීන්, අයියාලොන්, ඉත්ලා, 43ඒලොන්, තිම්නා, එක්‍රෝන්, 44එල්තෙකේ, ගිබ්බෙතෝන්, බාලාත්, 45යෙහුද්, බෙනේ-බෙරක්, ගාත්-රිම්මෝන් හා 46යොප්පාවට මුහුණ ලා පිහිටි මේ-යර්කෝන් හා රක්කෝන් ය.
47එහෙත් දාන්වරුන්ට තම භූමි ප්‍රදේශය අහිමි වූ කල, ඔවුහු පිටත් ව ගොස්, ලෙෂෙම් ආක්‍රමණ කොට, එය අල්ලාගෙන, කඩුවෙන් ඊට පහර දී, එහි පදිංචි වූහ. ඔවුහු ලෙෂෙම්හි පදිංචි ව, ඔවුන්ගේ ආදි පියාගේ නම ලෙස ඊට දාන් යන නම තැබූහ.
48ඔවුන්ගේ පෙළපත්වලට අනුව දාන් ගෝත්‍රයේ ජනයාගේ උරුමය වූයේ මෙම නගර හා ඒවායේ ගම්මාන ය.
යෝෂුවා සඳහා වෙන් වූ කොටස
49ඔවුහු දේශය යම් යම් භූමි ප්‍රදේශ උරුම කොටස් වශයෙන් බෙදා නිම වූ කල, ඉශ්‍රායෙල් ජනයා නූන්ගේ පුත් යෝෂුවාට තමන් අතරේ උරුමයක් දුන්හ. 50ස්වාමින්වහන්සේ අණ කළ පරිදි ඔවුහු ඔහු ඉල්ලූ පුරවරය වන එප්‍රායිම් කඳු රටේ තිම්නත්-සෙරා ඔහුට දුන්හ. ඔහු පුරවරය ගොඩ නගා, එහි පදිංචි විය.
51පූජක එලෙයාසර්, නූන්ගේ පුත් යෝෂුවා හා ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ පෙළපත් ප්‍රධානීන් ෂීලෝහි හමුවීමේ කූඩාරම් පිවිසුමේ ස්වාමින්වහන්සේ අබියස පස ඇට මගින් බෙදා දුන් උරුම පළාත් මේවා ය. එසේ ඔවුහු දේශය බෙදීම නිම කළහ.
Currently Selected:
යෝෂුවා 19: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: