YouVersion Logo
Search Icon

යෝෂුවා 12:1-6

යෝෂුවා 12:1-6 SCV

ඉශ්‍රායෙල් ජනයා විසින් පරාජය කරන ලදුව, යොර්දානෙන් එතෙර නැගෙනහිර අරාබාහි මුළු පෙදෙස ඇතුළු ව අර්ණොන් දොරුව පටන් හෙර්මොන් කන්ද දක්වා ඔවුන් විසින් අල්ලා ගන්නා ලද දේශයේ රජවරු මොවුහු ය: සීහොන්, අමෝරිවරුන්ගේ රජ; ඔහු රජකම් කළේ හෙෂ්බෝන්හි ය. ඔහු අර්ණොන් දොරුව අද්දර පිහිටි අරෝයෙර් පටන් හා දොරුවේ මැද පටන් අම්මොන්වරුන්ගේ දේශ සීමාව වූ යබ්බොක් නදිය දක්වා පාලන කළේ ය. එය ගිලියාද්හි අඩකි. ඔහු කින්නෙරෙත් මුහුද පටන් ලුණු මුහුද වන අරාබා මුහුද දක්වා හා බෙත්-යෙෂීමොත් දක්වා නැගෙනහිර අරාබාව ද පිස්ගා බෑවුමට පහළින් දකුණු දිසාව ද පාලන කළේ ය. ඕග් බාෂාන්හි රජු; රෙෆායිවරුන්ගේ අන්තිමයකු වූ ඔහු අෂ්තාරෝත්හි හා එද්රෙයිහි රජකම් කළේ ය. ඔහු හෙර්මොන් කන්ද හා සලෙකා ද ගෙෂූර්වරුන්ගේ හා මාකාතිවරුන්ගේ දේශ සීමාව දක්වා වූ මුළු බාෂාන් ද හෙෂ්බෝන්හි රජු වූ සීහොන්ගේ දේශ සීමාව දක්වා වූ ගිලියාද්හි අඩක් ද පාලන කළේ ය. ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් හා ඉශ්‍රායෙල්වරු ඔවුන් පරාජය කළහ. ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස්, ඔවුන්ගේ එම දේශ රූබෙන්වරුන්ට ද ගාද්වරුන්ට ද මනස්සේ ගෝත්‍ර අර්ධයට ද උරුමයක් කොට බෙදා දුන්නේ ය.