YouVersion Logo
Search Icon

යෝෂුවා 10:16-28

යෝෂුවා 10:16-28 SCV

එම රජවරු පස්දෙනා ම පලා ගොස්, තුමූම මක්කේදා ගුහාවේ සැඟවුණහ. රජවරුන් පස්දෙනා ම මක්කේදා ගුහාවේ සැඟවී සිටිනු සම්බ විණැයි යෝෂුවාට දන්වනු ලැබිණ. යෝෂුවා කතා කොට, “ගුහා කටට විශාල ගල් පෙරළා, එතැන මුරට මිනිසුන් සිටුවන්න. එහෙත් ඔබ එතැන නැවතී නො සිට, ඔබේ සතුරන් ලුහුබැඳ යන්න. පිටුපසින් සිට ඔවුන්ට පහර දෙන්න. ඔවුන්ගේ පුරවර වෙත ළඟාවෙන්නට ඔවුන්ට ඉඩ නො දෙන්න. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුන් ඔබ අතට හසුකර දී ඇතැ” යි පැවසී ය. එබැවින් යෝෂුවා හා ඉශ්‍රායෙල්වරු ඔවුන් සහමුලින් ම විනාශ වී යන තෙක් අති මහත් ඝාතනයකින් පහර දුන් පසු, ඉතිරි වූ ස්වල්ප දෙනෙක් තම බළකොටු පුරවරවලට ඇතුළු වූ පසු, මුළු මහත් ජනතාව නිරුපද්‍රිත ව යෝෂුවා වෙත මක්කේදා කඳවුරට ආපසු ආහ. කිසිවකුදු ඉශ්‍රායෙල්වරුන්ට එරෙහිව වචනයක්වත් පැවසුවේ නැත. යෝෂුවා කතා කොට, “ගුහා කට ඇර, ඒ රජුන් පස්දෙනා මා වෙතට පිටතට ගෙනෙනු” යි කී ය. එබැවින් ඔවුහු එසේ කරමින්, එම රජවරුන් පස්දෙනා වූ යෙරුසලමෙහි රජු, හෙබ්‍රොන්හි රජු, යර්මූත්හි රජු, ලාකීෂ්හි රජු හා එග්ලොන්හි රජු, ගුහාවෙන් පිටතට ගෙන ආහ. ඔවුන් මේ රජවරුන් පස්දෙනා යෝෂුවා වෙත පිටතට ගෙනා කල, යෝෂුවා සියලු ඉශ්‍රායෙල් මිනිසුන් කැඳවා, තමා සමඟ ගිය යුද්ධ ප්‍රධානීන් අමතා, “මෙහි එන්න. ඔබේ පාද මේ රජුන්ගේ ගෙල මත තබන්නැ” යි කී ය. එබැවින් ඔවුහු ළං වී, තම පා ඔවුන්ගේ ගෙල මත තැබූහ. යෝෂුවා ඔවුන්ට කතා කොට, “භය වන්න එපා; කැලඹෙන්න එපා. බලවත් වන්න, ධෛර්යවත් වන්න. ඔබ සමඟ සටන් කරන සතුරන් සියලු දෙනාට ස්වාමින්වහන්සේ කරන්නේ මෙසේ යැ” යි පැවසී ය. යෝෂුවා ඉන්පසු ඔවුන් ගසා හෙළා, මරා දැමී ය. ඔහු ගස් පහක ඔවුන් එල්ලා තැබී ය. ඔවුහු සවස දක්වා එසේ ගස්වල එල්ලා තබන ලදහ. හිරු අවරට යන කල, යෝෂුවා අණ දුන්නෙන්, ඔවුහු ගස්වලින් ඔවුන් බා, ඔවුන් සැඟවී සිටි ගුහාව තුළට හෙළා, ගුහා කටට විශාල ගල් තැබූහ. ඒවා මේ අද දවස දක්වා එහි තිබේ. ඒ දවසේ යෝෂුවා, මක්කේදා අල්ලා ගත්තේ ය. ඔහු පුරවරයටත්, එහි රජුටත් කඩු මුවහතින් පහර දී, එහි වූවන් ද සමූලඝාතන කළේ ය. ඔහු කිසිවකු ඉතිරි කළේ නැත. ඔහු යෙරිකෝවේ රජුට කර තිබූ පරිද්දෙන් මක්කේදා රජුට ද කළේ ය.

Free Reading Plans and Devotionals related to යෝෂුවා 10:16-28