යෝෂුවා 10:12-14
යෝෂුවා 10:12-14 SCV
ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයින්ට අමෝරිවරුන් යටත් කර දුන් ඒ දවසේ, යෝෂුවා, ඉශ්‍රායෙල් ජන සමූහයා ඉදිරියේදී ස්වාමින්වහන්සේට කතා කරමින්, “එම්බා සූර්යය, ගිබෙයොන්ට ඉහළින් නැවතී සිටිනු; එම්බා චන්ද්‍රය, අයියාලොන් මිටියාවතට ඉහළින් සිටිනු” යි පැවසී ය. එවිට ජාතිය ඔවුන්ගේ සතුරන්ගෙන් පළි ගන්නා තෙක් ම සූර්යයා නිසල ව නැවතිණ. චන්ද්‍රයා ද නැවතුණේ ය. යාෂාර්ගේ පොතේ මෙය ලියා තියෙනවා නො වේ ද? අහස මැද නැවතී සිටි සූර්යයා, සම්පූර්ණ දවසක් පමණ බැස යන්නට ඉක්මන් නො වී ය. ස්වාමින්වහන්සේ මිනිසකුගේ කටහඬට සවන් දුන් එවන් දවසක් එතෙක් මෙතෙක් නො වී ය. මන්ද ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා සටන් කළ සේක.





