YouVersion Logo
Search Icon

යෝෂුවා 10:1-5

යෝෂුවා 10:1-5 SCV

තවද යෝෂුවා යෙරිකෝවටත් එහි රජුටත් කළ පරිදි ආයිට හා එහි රජුටත් කරමින්, ආයි අල්ලාගෙන, එය සහමුලින් විනාශ කළ අයුරු ද ගිබෙයොන් වාසීන්, ඉශ්‍රායෙල් සමඟ සාමය ඇතිකර ගෙන ඔවුන් අසල වාසය කරන අයුරු ද යෙරුසලමේ රජු වූ අදොනී-සෙදෙක් ඇසූ කල, ඔහු අතිශයෙන් භය වූයේ, ගිබෙයොන් පුරවරය, රාජකීය පුරයක් සේ ආයිට වඩා විශාල ව, එහි මිනිස්සු සැවොම දක්ෂ සටන්කරුවන් ව සිටි බැවිනි. එබැවින් යෙරුසලමෙහි රජු වූ අදොනී-සෙදෙක්, හෙබ්‍රොන්හි රජු වූ හෝහාම්ට ද යර්මූත්හි රජු වූ පිරාම්ට ද ලාකීෂ්හි රජු වූ යාෆියාට ද එග්ලොන්හි රජ වූ දෙබීර්ට ද පණිවුඩ යවමින්, “ඇවිත්, ගිබෙයොන්ට පහර දෙන්නට මට ආධාර දෙන්න; මන්ද එපුර යෝෂුවා හා ඉශ්‍රායෙල්වරුන් සමඟ සාමය ඇතිකර ගෙන සිටී” යි දැන්වී ය. එවිට තම සේනාංක කැඳවූ අමෝරි රජවරුන් පස්දෙනා වන යෙරුසලමෙහි රජු, හෙබ්‍රොන්හි රජු, යර්මූත්හි රජු, ලාකීෂ්හි රජු හා එග්ලොන්හි රජු තම බල සේනා රැස් කර තම හමුදා සියල්ල කැටිව ගොස්, ගිබෙයොන්ට එරෙහිව කඳවුරු බැඳ, ඊට පහර දෙන්නට වන්හ.

Free Reading Plans and Devotionals related to යෝෂුවා 10:1-5