YouVersion Logo
Search Icon

යෝෂුවා 1:1-9

යෝෂුවා 1:1-9 SCV

ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස්ගේ මරණයෙන් පසු, ස්වාමින්වහන්සේ මෝසෙස්ගේ සහායක, නූන්ගේ පුත්‍ර යෝෂුවා අමතමින්, “මගේ සේවක මෝසෙස් මියැදිලා. එබැවින් දැන් නැගිට, ඉශ්‍රායෙල්වරුන්ට මා දෙන්නට යන දේශයට ඇතුල් වන්නට, ඔබත්, මේ මුළු ජනතාවත් යොර්දාන් ගඟෙන් එතෙර වන්නට ඉදිරියට යන්න. මෝසෙස්ට මා පොරොන්දු වූ ලෙස ඔබේ පා-අඩිය තබන හැම තැනක් ම මම ඔබට දෙන්නෙමි. ඔබේ භූමි ප්‍රදේශය, කාන්තාරය හා මේ ලෙබනොන් පටන්, යුප්‍රටීස් මහ ගංගාව දක්වා හිත්තිවරුන්ගේ මුළු දේශය ද මහ මුහුද දක්වා ද හිරු බසින දෙසට දිස් වේ. ඔබේ ජීවිතය තිබෙන තුරු ඔබට එරෙහිව නැගී සිටින්නට, කිසිවකුටත් හැකි නො වේ, මා මෝසෙස් සමඟ සිටි සේ ඔබ සමඟ ද සිටින්නෙමි. මම ඔබෙන් ඉවත් ව නො යන්නෙමි; ඔබ අත්හැර නො දමන්නෙමි. ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; මන්ද මා ඔවුන්ට දෙන වගට ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය උරුම කර ගන්නට ඔවුන් මෙහෙය වන්නේ ඔබයි. “උදක් ම ශක්තිමත් වන්න; වඩා ධෛර්යවත් වන්න. මගේ සේවක මෝසෙස් ඔබට අණ කළ මුළු ව්‍යවස්ථාවට කීකරු වන්නට වග බලා ගන්න; ඔබ යන කොතැනක වුව, ඔබ සඵල වන පිණිස, එයින් දකුණු අතටවත්, වමටවත් නො හැරෙන්න. මේ ව්‍යවස්ථා පොත, ඔබේ මුවෙන් පහවන්නට ඉඩ නො දෙන්න; ඒ තුළ ලියා ඇති සියල්ල කරන්නට වග බලාගන්නා පිණිස, දිවා රැයේ එය මෙනෙහි කරන්න. එවිට ඔබ ඔබේ මාර්ගය සමෘද්ධ කර ගන්නවා ඇත. මෙසේ ඔබ සඵලවත් වනු ඇත. මම ඔබට අණ නො කළෙම් ද? ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; භය වන්න එපා; කැලඹෙන්න එපා. මන්ද ඔබ යන කොතැනක වුව, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ” යි පැවසූහ.

Free Reading Plans and Devotionals related to යෝෂුවා 1:1-9