YouVersion Logo
Search Icon

යෝෂුවා 1:1-5

යෝෂුවා 1:1-5 SCV

ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස්ගේ මරණයෙන් පසු, ස්වාමින්වහන්සේ මෝසෙස්ගේ සහායක, නූන්ගේ පුත්‍ර යෝෂුවා අමතමින්, “මගේ සේවක මෝසෙස් මියැදිලා. එබැවින් දැන් නැගිට, ඉශ්‍රායෙල්වරුන්ට මා දෙන්නට යන දේශයට ඇතුල් වන්නට, ඔබත්, මේ මුළු ජනතාවත් යොර්දාන් ගඟෙන් එතෙර වන්නට ඉදිරියට යන්න. මෝසෙස්ට මා පොරොන්දු වූ ලෙස ඔබේ පා-අඩිය තබන හැම තැනක් ම මම ඔබට දෙන්නෙමි. ඔබේ භූමි ප්‍රදේශය, කාන්තාරය හා මේ ලෙබනොන් පටන්, යුප්‍රටීස් මහ ගංගාව දක්වා හිත්තිවරුන්ගේ මුළු දේශය ද මහ මුහුද දක්වා ද හිරු බසින දෙසට දිස් වේ. ඔබේ ජීවිතය තිබෙන තුරු ඔබට එරෙහිව නැගී සිටින්නට, කිසිවකුටත් හැකි නො වේ, මා මෝසෙස් සමඟ සිටි සේ ඔබ සමඟ ද සිටින්නෙමි. මම ඔබෙන් ඉවත් ව නො යන්නෙමි; ඔබ අත්හැර නො දමන්නෙමි.

Free Reading Plans and Devotionals related to යෝෂුවා 1:1-5