YouVersion Logo
Search Icon

යෝනා 2:3-7

යෝනා 2:3-7 SCV

මන්ද මහා ගැඹුර මැදට, සාගර පත්ලට ම ඔබ මා හෙළූ සේක. ජලධාරාවෝ මා වෙළා ගති. ඔබගේ රළ රැළි තරංග මට ඉහළින් කැරකුණේ ය. එවිට මම, ‘ඔබ දෑස් ඉදිරියෙන් මම නෙරපනු ලැබ සිටිමි. එහෙත් ඔබගේ ශුද්ධ මාලිගය දෙස මතු යළි බලන්නෙමි’ යි කීවෙමි. මා ගිලගත් ජල කඳ, මගේ ගෙලටත් උඩින් ය. ගැඹුර මා වටකර ගත්තේ ය. මුහුදු පැළෑටි මා හිස වටා එතී ගියේ ය. සාගර කඳු පාමුලට ම පහළට මම කිඳා බැස්සෙමි. අගාධයෙහි සදහට ම, මා අගුළු ලා ගති. එහෙත් ඔබ, මගේ දිවිය නිරා වළෙන් ගොඩ ගත් සේක. අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස. “මගේ පණ කෙන්ද මැලවී යද්දී, ස්වාමින්වහන්ස, මම ඔබ සිහි කළෙමි. මගේ යාච්ඤාව ඔබ වෙත, ඔබේ ශුද්ධ මාලිගය වෙත නැංගේ ය.