යෝවෙල් 2
2
ස්වාමින්වහන්සේගේ දවස
1පිඹින්න හොරණෑව සියොනෙහි දී;
හඬවන්න අනතුරු ඇඟවීම මගේ ශුද්ධ කන්දේදී.
දේශයේ වෙසෙන සියල්ලෝ වෙවුලත්වා!
මන්ද, ස්වාමින්වහන්සේගේ දවස ළඟා වේ;
එය අත ළඟ ම ය.
2ඒ දවස කළුවර දවසෙකි; අන්ධකාර දවසෙකි;
වලාකුළෙන් බර, ඝන අඳුරු දවසෙකි.
කඳුයාය හරහා කළුවර පැතිරෙන්නාක් මෙන්,
අති මහත්, බලවත් හමුදාවක් පැමිණේ.
පරම්පරා අවුරුදු මුළුල්ලේ ම එවැන්නක් ඉහත කිසි කලෙක නො වූ සේ ම
මතු ද කිසි කල නො වන්නේ ය.
3ඔවුනට පෙරටුවෙන් ගින්න කා දමන්නේ ය,
ඔවුනට පිටුපසින් ගිනි දැල් ඇවිළෙන්නේ ය.
ඔවුනට පෙරටුවෙන් දේශය ඒදන් උයන වැන්න;
ඔවුනට පිටුපසින් එය පාළු කතරකි.
කිසිවකුදු ඔවුන්ගෙන් බේරී නො යේ.
4ඔවුන්ගේ පෙනුම අශ්වයින් බඳු ය.
අශ්ව බළ ඇණියක් මෙන් ඔවුහු පිම්මේ දුවති.
5යුද්ධ රථවල වැනි ඝෝෂාවෙන් යුතු ව,
කඳු මුදුන් පිට ඔවුහු පැන පැන යන්නේ,
ඉපනැලි දවමින් පැතිරෙන ගින්නේ ශබ්දය මෙනි;
සටනට පෙළ ගැසුණු බල සේනාවක් මෙනි.
6ඔවුන් දැකුමෙන් ජාතීහු ගාවිනා විඳිති.
හැම මුහුණක් ම සුදුමැලි වී යයි.
7ඔවුන් දිව එන්නේ රණවිරුවන් මෙනි.
පුර පවුරු පිට නැග ගන්නේ හේවායින් මෙනි.
ඔවුහු තම පෙළ නො කඩා,
සියල්ලෝ එක පෙළට ම යති.
8ඔවුන් එකිනෙකා හා නො ගැටෙමින්,
හැමකෙක් ම තමාට හිමි මං-තීරුවේ ඇදෙති.
ඔවුහු තම සේනාංක පෙළ නො බිඳ,
ආරක්ෂක ආයුධ-ආම්පන්න බිඳගෙන යති.
9ඔවුහු පුරවරයට කඩා පනිති;
පුර පවුර දිගේ දුව යති.
ඔවුහු සොරුන් මෙන් කවුළුවලින් පැන,
ගෙවලට ද රිංගා ගනිති.
10ඔවුන් ඉදිරියේ පොළොව සලිත වේ;
අහස වෙව්ලුම්කයි.
හිරු සඳු අඳුරු කෙරේ;
තරු තවත් නො බැබළේ.
11 ස්වාමින්වහන්සේ ස්වකීය හමුදාව ඉදිරියෙන් සිට
තම කටහඬ අවදි කරන සේක.
උන්වහන්සේගේ සේනා ගණන් නැති තරම් ය.
උන්වහන්සේගේ වචනයට කීකරු වන්නෝ බලවන්තයෝ ය.
ස්වාමින්වහන්සේගේ දවස මහ බලවත් ය;
එය භයංකර ය;
එය දරාගත හැක්කේ කවරකුට ද?
ආපසු හැරී එන්න
12“දැන්වත්, උපවාසයෙන් ද හැඬීමෙන් ද වැලපීමෙන් ද යුතු ව
ඔබේ මුළු හදින් මා වෙත හැරී එන්නැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
13ඔබගේ හැඳිවත් නො ව,
ඔබගේ හදවත් ඉරාගෙන,
ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ආපසු එන්න.
මන්ද, උන්වහන්සේ දයාන්විත ය; අනුකම්පා සහගත ය;
වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය;
විපත්තිය පැමිණවීමෙහිලා ලිහිල පාන සේක.
14කවුරු දනිත් ද? උන්වහන්සේ සිත වෙනස් කර, දයාන්විත වී,
ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට
ධාන්‍ය පූජා හා පාන පූජා සඳහා
ආශිර්වාදයක් තබා යන්නට බැරි නැත.
15සියොනෙහි හොරණෑ පිඹ,
ශුද්ධ උපවාසයක් ප්‍රකාශ කර,
ශුද්ධ එක් රැස්වීමක් කැඳවන්න.
16ජනයා එක් රැස් කර,
සභාව විශුද්ධ කරන්න;
වැඩිහිටියන් එකට කැඳවන්න;
කිරි බොන ළදරුවන් ඇතුළු ව
දරුවන් එක් රැස් කරන්න;
මනාලයා තම කුටිය ද
මනාලිය තම කාමරය ද අතහැර ඒවා.
17පූජකයෝ, ස්වාමින්වහන්සේ ඉදිරියෙහි මෙහෙකරන්නෝ,
දේව මාලිග ද්වාර මණ්ඩපය හා පූජාසනය අතර හිඳ වැලපෙත්වා!
ඔවුහු, “අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ජනයාට අනුකම්පා පෑ මැනව.
ඔබගේ උරුමය ජාතීන් අතරේ සමච්චලයට පාත්‍රවන්නට,
කවට වදනක් වන්නට ඉඩ නො හැරිය මැනව.
‘උන්ගේ දෙවියන්වහන්සේ කොහේ දැ?’ යි
ජනයා අතරේ කියනු ලබන්නේ කුමට ද?”
ස්වාමින්වහන්සේගේ පොරොන්දුව
18එවිට ස්වාමින්වහන්සේ ස්වකීය දේශය ගැන ඊර්ෂ්‍යා සහගත ව
තම ජනයාට අනුකම්පා කළ සේක.
19 ස්වාමින්වහන්සේ තම ජනයාට උත්තර දෙමින්,
“මෙන්න! මම ඔබට ධාන්‍ය ද අලුත් මිදි යුෂ හා තෙල් ද එවන්නෙමි;
එවිට ඔබ සෑහීමට පත් වනු ඇත.
යළි කිසි කලෙකත් මම ජාතීන් ඉදිරියේ
ඔබ සමච්චලයට ලක් නො කරන්නෙමි.
20“මම උතුරු හමුදාව ඔබ වෙතින් ඈතට පලවා හරින්නෙමි.
වියළී කරවූ මුඩු බිමකට ඔහු තල්ලු කරන්නෙමි.
එහි පෙරමුණු ඇණිය නැගෙනහිර මුහුදට ද
පසු ඇණිය බටහිර මුහුදට ද යවන්නෙමි.
ඔහුගේ දුර්ගන්ධය හා
පිළිකුල නැග එයි” පැවසූ සේක.
මන්ද උන්වහන්සේ මහත් දෑ කළ සේක.
21එම්බා දේශය භය නො වන්න;
ප්‍රීති ප්‍රමෝද වන්න.
සැබවින් ම ස්වාමින්වහන්සේ ඉමහත් දෑ කළ සේක.
22එම්බා වන-මෘගයෙනි, භය නොවෙල්ලා!
මන්ද පාළුකරයේ තණ බිම් නිල්ල ගැසී එයි.
ගස්-වැල්වල පල හට ගැන්වී එයි;
අත්තික්කා ගසත්, මිදි වැලත් සරුවට පල දරයි.
23එම්බා සියොන් දරුවෙනි, ප්‍රීති වන්න:
ඔබගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති ප්‍රමෝද වන්න.
ඔබේ නිදොස්කමට උන්වහන්සේ පෙර වැසි එවන සේක.
මන්ද, උන්වහන්සේ විශ්වසනීය ය.
උන්වහන්සේ ඔබට මහ වැසි වස්සන සේක.
පෙර පරිදි පෙර වැහි සහ පසු වැහි වස්සන සේක.
24කමත්, ධාන්‍යයෙන් පිරී යනු ඇත.
අලුත් මිදි යුෂවලින් හා තෙලින් මහ-පීප්ප පිරී ඉතිරී යනු ඇත.
25“මවිසින් ඔබ වෙත එවන ලද මගේ මහා හමුදාව වූ
පොකුරු පළඟැටි ද පනින පළඟැටි ද
වනසන පළඟැටි ද කපන පළඟැටි ද
කා දැමූ අවුරුදුවල හිලව්වට මම ඔබට ආපසු ගෙවන්නෙමි.
26ඇති තරම් කන්නට ඔබට ආහාර බහුල ව ලැබේ.
එවිට ඔබ උදෙසා හාස්කම් පෑ ඔබේ
දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයට ඔබ ප්‍රශංසා කරනු ඇත;
මින් මතු මගේ ජනයා ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැත.
27එවිට මා ඉශ්රායෙල් මධ්‍යයේ සිටින වග,
නුඹලාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා වග,
මා හැර අන් දෙවි කෙනකු නැති වග, නුඹලා දැනගන්නවා ඇත.
මින් මතු මගේ ජනයා ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැත.
ස්වාමින්වහන්සේගේ දවස
28“එයින් පසු, මෙසේ සිදු වන්නේ ය.
මම මගේ ආත්මයාණන් මාංසමය සියල්ලන් පිට වගුරුවමි.
ඔබේ පුතුන් ද දූවරුන් ද දිවැසි වැකි පවසනු ඇත.
ඔබේ වැඩිමහල් මිනිසුන් ස්වප්න දකිනු ඇත,
ඔබේ තරුණයින් දර්ශන දකිනු ඇත.
29තවද මගේ සේවක සේවිකාවන් පිට පවා,
එදවස්හි දී මම මගේ ආත්මයාණන් වගුරුවමි.
30ලේ ද ගිනි ද ධූම තරංග ද සහිත
අරුම පුදුම මම
අහසේ හා පොළොවේ දක්වාලමි.
31 ස්වාමින්වහන්සේගේ ඒ මහා, භයංකර දවස පැමිණෙන්නට පළමු
හිරු අන්ධකාරයට හැරෙන්නේ ය;
සඳු ලෙයට හැරෙන්නේ ය.
32තවද, ස්වාමින්වහන්සේගේ නාමයෙන් අයදින
හැම කෙනෙක් ම ගලවනු ලබන්නේ ය.
මන්ද, ස්වාමින්වහන්සේ කියා ඇති පරිදි,
ස්වාමින්වහන්සේගෙන් කැඳවීම ලබන
ජීවත් ව සිටින්නන් අතරේ,
සියොන් කන්ද පිට හා යෙරුසලම තුළ
මිදීම සිදු වන්නේ ය.
Currently Selected:
යෝවෙල් 2: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: